Thursday, August 6, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මහ තරඟයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මහ තරඟයට සුදුසුකම් ලබයි

2022 විස්සයි විස්ස ආසියානු කුසලානයේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාකිස්තානය තියුණු තරඟයකින් ලකුණු 1කින් පරාජයට පත්කිරීමත් සමඟයි.

පළමුවන පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්තා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 6/ ලකුණු 122ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35ක් , අනුෂ්කා සංජීවනී ලකුණු 26ක් බැගින් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායම කඩුලු 6/ ලබාගැනීමට හැකිවූයේ ලකණු 121ක් පමණයි.

ඒත් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහ තරඟයට සුදුසුකම් හිමි කරගත්තා.

අනිද්දා එනම් සෙනසුරාදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2022 විස්සයි විස්ස ආසියානු කුසලානයේ අවසන් මහ තරඟය බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතයි.

READ:   රාජ්‍ය අයතනවල වියදම් අවම කිරීමට චක්‍රලේඛයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්