Tuesday, April 21, 2026
Homeක්‍රීඩාT20 ලෝක කුසලානයේ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පුහුණු තරඟය අද මෙල්බර්න්හිදී

T20 ලෝක කුසලානයේ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පුහුණු තරඟය අද මෙල්බර්න්හිදී

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරඟය සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අද (11) මෙල්බර්න්හිදී ආරම්භ වුණා.

තරඟයේ කාසිය වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 188ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී ලකුණු 54 ක් සහ වනිඳු හසරංග නොදැවී පන්දු 14 ක් තුළදී වේගවත් ලකුණු 37ක් ලබාගත්තා.

තරඟයේ ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හබාගන සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට පන්දුවාර 10යක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 76 ලබා ගෙන සිටියා.

READ:   2026 අයවැය අද පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්