Thursday, April 23, 2026
Homeදේශීයඅයහපත් කාලගුණය නිසා බංග්ලාදේශ වැසියන් ගම් බිම් අතහැර යයි

අයහපත් කාලගුණය නිසා බංග්ලාදේශ වැසියන් ගම් බිම් අතහැර යයි

අයහපත් කාලගුණය හේතුවෙන් බංග්ලාදේශ වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අක්‍රමවත් අධික වර්ෂාපතනය සමඟ සුළි කුණාටු ඇතිවීම, ගංඟා පිටාර ගැලීම හේතුවෙන් ගංඟා ආශ්‍රීත ප්‍රදේශ වල ජීවත් වූ ධීවරයින්, ගොවීන්, වෙළෙන්ඳන්, වඩු කාර්මිකයන්.. ආදී ජනතාව පදිංචි නිවාස සහ පාසැල් වෙළඳසැල් ආදී ස්ථානයන්ද මුළු මනින්ම ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

ජලගැලීමෙන් නිවාස 200කට අධික සංඛ්‍යාවක් ජලයෙන් යටවී ඇති අතර මහුදු ජල මට්ටම ඉහළ යෑම නිසා පහත්බිම් ආශ්‍රිතව පදිංච් ජනතාව ද අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට අයහපත් කාලගුණික තත්වයට මුහුණ දුන් ප්‍රදේශවල ජීවත් වූ ජනතාව සිය ගම් බිම් අතහැර යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ,

READ:   Nine arch (ආරුක්කු නවය) ප්‍රදේශයේ හදිසි ගින්නක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්