Monday, April 27, 2026
Homeදේශීයසමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පස් දෙනෙකුට සිතාසි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පස් දෙනෙකුට සිතාසි

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බව කියන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට එම කොමිසම හමුවේ හෙට (9) පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (8) සිතාසි නිකුත් කළේය.

එලෙස සිතාසි නිකුත් කෙරුනේ සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුර, මයන්ත දිසානායක සහ සුජිත් සංජය යන මහත්වරුන් වෙතය.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනා ඉකුත් 6 වැනිදා දේශපාලන  පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන  ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා ජනාධිපති කොමිසම රජයේ මුදල් අවභාවිතා කරමින් රටේ නීතිය අභිබවා යමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට තර්ජනයක් වන ලෙස කටයුතු කරන බව සඳහන් කර තිබුණි.

එම ප්‍රකාශ මගින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභා පනතේ 10 වැනි වගන්තිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) යන වගන්තිය උල්ලංඝනය කරමින් මෙම මන්ත්‍රීවරුන් ජනාධිපති කොමිසමට අපහාස කර ඇති නිසා අභියාචනාධිකරණය හමුවේ ඔවුන්ට එරෙහිව නඩු පවරන බව මෙම සිතාසි මගින් ඔවුන් වෙත  දැනුම් දී තිබේ.

READ:   ශ්‍රී ලංකා T10 ක්‍රිකට් තරගාවලියක් ඇරඹේ..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්