Monday, September 28, 2026
Homeදේශීයමෙවර උසස් පෙළ විභාගය කල් දැමීමට ඇති හැකියාව ගැන සොයා බලනවා -...

මෙවර උසස් පෙළ විභාගය කල් දැමීමට ඇති හැකියාව ගැන සොයා බලනවා – අධ්‍යාපන ඇමති (VIDEO)

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් කාලයක් දරුවන්ට නොලැබී ඇති බව ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික පතිරණ විසින් අධ්‍යපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ දී ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර සිටියේ මෙවර උසස් පෙළ විභාගය සඳහා දෙවන සහ තෙවන වර ඉදිරිපත් වන දරුවන්ගෙන් විභාගය කල් දමන ලෙස ඉල්ලීමක් ඉදිපත් වුණත් විභාගය සඳහා පළමු වර පෙනි සිටින දරුවන්ගෙන් එවැනි ඉල්ලීමක් ඉදිපත් නොවන බවයි.

එලෙස විභාගයන් පැවැත්වෙන දිනයන් වෙනස් කළහොත් අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයද කල් දැමීමට සිදු වන බව පැවසු අමාත්‍යවරයා කෙසේවෙතත් මෙවර උසස් පෙළ විභාගය කල් දැමීම සඳහා ඇති ඉඩකඩ පිළිබඳව තමන් සොයා බලන බව ප්‍රකාශ කර සිටියා.

READ:   දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට ප්‍රතිසංස්කරණ සිදු කරනවා - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්