Friday, July 17, 2026
Homeදේශීයඛනිජ තෙල් පනත් කෙටුම්පත සංශෝධනයට පියවර

ඛනිජ තෙල් පනත් කෙටුම්පත සංශෝධනයට පියවර

ඛනිජ තෙල් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති සංශෝධනය කර විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව පනත් කෙටුම්පත පිළිබඳ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කතානයකවරයා ප්‍රකාශ කර සිටියා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා සිටි පරිදි ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සංශෝධනය කර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ටුවිටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබුණා.

READ:   තුර්කි භූ කම්පනයේ මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්