Sunday, April 19, 2026
Homeදේශීයමාසික වැටුම් ගෙවීමට වත් ආදායමක් නෑ - බන්දුල ගුණවර්ධන (VIDEO)

මාසික වැටුම් ගෙවීමට වත් ආදායමක් නෑ – බන්දුල ගුණවර්ධන (VIDEO)

පවතින අර්ථික අර්බුදය හේතුවෙන් මාසික වැටුම් ගෙවීම සඳහා හෝ ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

රජ්‍ය ආදායම මෙලෙස ඇණහිටීම නිසා මේ වර්ෂයේ ගෙවා ගැනීමට නොහැකී වූ විශාල ගෙවිම් ප්‍රමාණයක් ඇණහිට පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිම කර ඇති වැඩ සඳහා ගෙවීමට බිලියන 100 ක පමණ බිල් තමා සතුව ඇති බවත් කලින් ක්‍රමයට අච්චු ගසා ගෙවීම් කිරීම සිදු කළ නොහැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

READ:   ආයතන කිහිපයක් මුදල් අමාත්‍යාංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්