Monday, October 12, 2026
Homeදේශීයකතානායකවරයා හරහා විපක්ෂ නායකගෙන් විශේෂ ඉල්ලීමක්

කතානායකවරයා හරහා විපක්ෂ නායකගෙන් විශේෂ ඉල්ලීමක්

2026.10.12
මාධ්‍ය නිවේදනය

දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා බන්ධනාගරයේදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළදිය යුතු වස්ත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ගරු කථානායක මගින් එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකොට ඇත.

අදාළ නිත්‍ය නියෝගයේ සංශෝධනය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ එම නියෝග ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ සියලු පාර්ශවයන් කමිටුවට කැඳවන ලෙස ලිපිය මගින් ඉල්ලා ඇත.

ජාතික වැදගත්කමකින් යුතු මෙවන් තත්ත්වයකදී ව්‍යවස්ථාදායකයේ සක්‍රීය දායකත්වය සහ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධානය කෙරේ.

අදාළ ලිපිය මෙම නිවේදනය සමග අමුණා ඇත.

මාධ්‍ය අංශය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය.

READ:   බිල්පත් නොගෙවූ මැතිඇමැතිවරුන්ට ජල සැපයුම විසන්ධි කිරීමට යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්