Categories: දේශීය

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට පැමිණි වත්මන් රජය 22 වැනි සංශෝධනය ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය උඩුයටිකුරු කරමින් යන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇති බලය බෙදීම යාම සංවරණ හා තුලන තිබියදී 22 වැනි සංශෝධනය තුළින් ගරු අධිකරණයට අපහාස කරමින් විනිසුරුවන්ට අපහාස කරමින් යුක්තිය පසිදලීමෙ ක්‍රියාවලිය සමූල ඝාතනය කරමින්, නීතියේ ආධිපත්‍ය කෙලසමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ පැවැති ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයක් අමතමිනි.

පසුගිය ආණ්ඩුව පවා ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන ජීවිත යන දෙකම සංකෝචනය කරමින් රට ස්ථාවර යැයි පැවසූ නමුත් ස්ථාවර වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි කෝටිපතියන්ට අත නොතියා අර්ථසාධක අරමුදලට බලපෑම් කිරීම බවත් වත්මන් රජය පවා තමන්ට ඡන්දය ලබා දුන් කෘෂිකර්මාන්තය කරන ගොවි ජනතාව පවා පාගා දමමින් සෑම වී කිලෝවකින්ම රු. 17ක් පාඩු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගෙවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අසාර්ථකම රජයයි

පවුල් පාලනය පරාජය කරමින් යුක්තිය හා විමුක්තිය උදෙසා රට ගොඩනගනවා කියා ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අසාර්ථකම ප්‍රතිඵල ලැබූ රජයක් පත්ව ඇති බවත් හිටපු ආණ්ඩුවට වඩා වැඩියෙන් මේ රජය ජන ජීවිතය විනාශ කරන බවත් මේ රජය පවා ලුම්පන් ධනවාදය ශක්තිමත් කරන බවත් ආණ්ඩුව වටේ ඉන්නේ සුපිරි ධනවතුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට හොඳ දේශපාලන සාක්ෂරතාවක් තිබිය යුතුයි

අද වන විට අප රටේ ජනතාව සෑම පාලන තන්ත්‍රයක් තුළ ම ඒ පාලනයේ ක්‍රියාකාරීත්වය, පිරිවැය හා ප්‍රතිලාභ ගැන හොඳ විශ්ලේෂණයක් කළ හැකි විය යුතු බවත් අප රටේ නිදහසින් පසු බොහෝ කාලයක් රටේ ගමනේ යම් ප්‍රගතියක් ලැබූ බවත් එය කාටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ළමා මරණ, මාතෘ මරණ අනුපාතයේ සිට ආයු කාලය වර්ධනයේ සිට සෑම දර්ශයකින්ම අප රටක් ලෙස ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවත් මේ ප්‍රගතිය ලැබු වේගය ගැන ප්‍රශ්න කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. -නිවේදනය විපක්ෂ නායක මාධ්‍ය ඒකකයෙන්

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

3 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

4 days ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

6 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

7 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

7 days ago