රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට පැමිණි වත්මන් රජය 22 වැනි සංශෝධනය ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය උඩුයටිකුරු කරමින් යන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇති බලය බෙදීම යාම සංවරණ හා තුලන තිබියදී 22 වැනි සංශෝධනය තුළින් ගරු අධිකරණයට අපහාස කරමින් විනිසුරුවන්ට අපහාස කරමින් යුක්තිය පසිදලීමෙ ක්‍රියාවලිය සමූල ඝාතනය කරමින්, නීතියේ ආධිපත්‍ය කෙලසමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ පැවැති ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයක් අමතමිනි.
පසුගිය ආණ්ඩුව පවා ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන ජීවිත යන දෙකම සංකෝචනය කරමින් රට ස්ථාවර යැයි පැවසූ නමුත් ස්ථාවර වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි කෝටිපතියන්ට අත නොතියා අර්ථසාධක අරමුදලට බලපෑම් කිරීම බවත් වත්මන් රජය පවා තමන්ට ඡන්දය ලබා දුන් කෘෂිකර්මාන්තය කරන ගොවි ජනතාව පවා පාගා දමමින් සෑම වී කිලෝවකින්ම රු. 17ක් පාඩු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ගෙවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අසාර්ථකම රජයයි
පවුල් පාලනය පරාජය කරමින් යුක්තිය හා විමුක්තිය උදෙසා රට ගොඩනගනවා කියා ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අසාර්ථකම ප්‍රතිඵල ලැබූ රජයක් පත්ව ඇති බවත් හිටපු ආණ්ඩුවට වඩා වැඩියෙන් මේ රජය ජන ජීවිතය විනාශ කරන බවත් මේ රජය පවා ලුම්පන් ධනවාදය ශක්තිමත් කරන බවත් ආණ්ඩුව වටේ ඉන්නේ සුපිරි ධනවතුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතාවට හොඳ දේශපාලන සාක්ෂරතාවක් තිබිය යුතුයි
අද වන විට අප රටේ ජනතාව සෑම පාලන තන්ත්‍රයක් තුළ ම ඒ පාලනයේ ක්‍රියාකාරීත්වය, පිරිවැය හා ප්‍රතිලාභ ගැන හොඳ විශ්ලේෂණයක් කළ හැකි විය යුතු බවත් අප රටේ නිදහසින් පසු බොහෝ කාලයක් රටේ ගමනේ යම් ප්‍රගතියක් ලැබූ බවත් එය කාටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ළමා මරණ, මාතෘ මරණ අනුපාතයේ සිට ආයු කාලය වර්ධනයේ සිට සෑම දර්ශයකින්ම අප රටක් ලෙස ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවත් මේ ප්‍රගතිය ලැබු වේගය ගැන ප්‍රශ්න කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. -නිවේදනය විපක්ෂ නායක මාධ්‍ය ඒකකයෙන්
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…