Thursday, September 10, 2026
Homeදේශීයඅසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත ප්‍රකාරව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

:දිනමිණ

READ:   ටිම් සවුති ලසිත් මාලිංග සම කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්