පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී, වගා ආයෝජන සමාගමකට අනුග්‍රහය දක්වන බවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිනියකට එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.
එක්තරා වගා සමාගමකට අනුග්‍රහය දැක්වූ බවට අමාත්‍යාංශ නිලධාරිනියකට චෝදනා කළද, ඒ සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත තොරතුරක්, නමක් හෝ සාක්ෂියක් ඉදිරිපත් කිරීමට චෝදනා නගන පාර්ශ්වය අපොහොසත් වී තිබේ. පැහැදිලි හා තහවුරු කළ හැකි තොරතුරක් නොමැතිව පොදුවේ කරනු ලබන මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.
වත්මන් ජාතික ජන බලවේග රජය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සෑම විටම රාජ්‍ය සේවයේ ඉහළම විනිවිදභාවය සහ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය තදින්ම සුරකින අතර, ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාක්ෂි සහිත යම් ලිඛිත පැමිණිල්ලක් ලැබෙන්නේ නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්වීමට අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා ඕනෑම මොහොතක සූදානම්ව සිටී. එම නිසා කිසිදු පදනමකින් තොරව රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යාංශය ඉලක්ක කර ගනිමින් මහජනතාව නොමග යවන අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසත්, යම් චෝදනාවක් ඇත්නම් ඒවා වගකීම් සහගතව සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…