Sri Lanka has received a request from China for the research vessel Xiang Yang Hong 03 to enter its waters next year, following the recent visit of Shi Yan 6.
චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් – විදේශ අමාත්‍යාංශය තවමත් සලකා බලා නොමැති බව කියයි
ඉදිරි වසර ආරම්භයේදී තවත් චීන පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර ලබාදෙන ලෙස චීන තානාපති කාර්යාලය විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
චීන පර්යේෂණ නෞකාවක් වන “Shi Yan 6” නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ මාසයකටත් අඩු කාලයකට පසුව මෙම නව ඉල්ලීම ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. එම නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව ආරක්ෂක කරුණු මත සිය අවධානය යොමු කර තිබුණි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු චීන තානාපති කාර්යාලයෙන් එම ඉල්ලීම ලැබී ඇති බව තහවුරු කර ඇති අතර, එම ඉල්ලීම “තවමත් ක්‍රියාවලියට යොමු කර නොමැති බව” සඳහන් කර තිබේ.
Shi Yan 6 නෞකාව පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට දින දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශවල නම් කරන ලද කලාපවල සාගර පර්යේෂණ කටයුතුවල නිරත වූ අතර, එම කටයුතු සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NARA) සහ රුහුණු විශ්වවිද්‍යාලය ඇතුළු දේශීය හවුල්කරුවන් ද එක්ව සිටියහ.
මෙවර අවසර ඉල්ලා ඇත්තේ සාගර සමීක්ෂණ සහ පර්යේෂණ කටයුතු සඳහා යොදාගන්නා “Xiang Yang Hong 03” නමැති චීන පර්යේෂණ නෞකාව සඳහාය.
Marine Traffic නෞකා ගමන් මාර්ග නිරීක්ෂණ ඩිජිටල් වේදිකාවට අනුව, 2016 වසරේ ඉදිකර ඇති මෙම නෞකාවේ දිග මීටර් 99.8ක් වන අතර පළල මීටර් 17.8කි. එහි වත්මන් ගැඹුර (draught) මීටර් 6.1ක් ලෙස වාර්තා වේ.
මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලා ඇති කාලසීමාව ලබන වසරේ ජනවාරි 5 සිට පෙබරවාරි 20 දක්වා බව වාර්තා වන අතර, එහි පර්යේෂණ කටයුතු සහ සහයෝගීතාව සම්බන්ධ අවසන් සැලසුම් දේශීය හවුල්කරුවන් සමඟ තවමත් සකස් කරමින් පවතින බව සිද්ධියට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…