දේශීය

මහර බන්ධනාගාර සිද්ධිය පිටුපස සංවිධානාත්මක අපරාධ ජාලයක් – ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ

මහර බන්ධනාගාරයේ මෙන්ම මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදුවූ සිදුවීම් හුදකලා හෝ හදිසි සිදුවීම් නොව, ඒවා සංවිධානාත්මකව සිදුකරන ලද ක්‍රියා බව නිවාස හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රටේ පවතින නීති පද්ධතිය යටතේ මූල්‍ය අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම්, වංචා හා දූෂණ ක්‍රියා මෙන්ම බලය අවභාවිත කළ පුද්ගලයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු වැඩි දුරටත් පැවසූවා.

මේ වන විට සංවිධානාත්මක අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය ජාල සහ දේශපාලන බලය අවභාවිත කළ පුද්ගලයන්ට එරෙහිව රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එවැනි පාර්ශ්ව නීතියේ පාලනයෙන් මිදීම සඳහා විවිධ ප්‍රචාරක ක්‍රම භාවිත කරමින් සහ බාධාකාරී ක්‍රියා සිදුකරමින් සිටින බවටද ඔහු චෝදනා කළේ.

මෙවැනි අභියෝග හමුවේ රජය පසුබට නොවන බවත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් රට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව ගන්නා බවත් වෛද්‍ය සුසිල් රණසිංහ මහතා අවධාරණය කළේය.

බන්ධනාගාර තුළ සිදුවන මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා පිටුපස පවතින සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුකර, වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

1 day ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

1 day ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

2 days ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

2 days ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

2 days ago