Categories: දේශීය

සුගතදාසේ පූල් එකට විද්‍යුත් කාල පද්ධතියක්!

පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය රුපියල් මිලියන 124ක වියදමින් නවීකරණය කර තිබේ.

මෙම නවීකරණය යටතේ නවීන Touch Pad පද්ධතිය, Starting Blocks සහ Display Board ස්ථාපනය කර ඇති අතර, එමඟින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව තරග පැවැත්වීමේ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය මඟින් දේශීය පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් තත්ත්වයේ පුහුණු සහ තරගකාරී පරිසරයක් හිමිවීමත්, ශ්‍රී ලංකාවේ පිහිනුම් ක්‍රීඩාවේ ප්‍රගතියට දායකත්වයක් සැපයීමත් අපේක්ෂා කරන බව මෙම අවස්ථාවට එක් වූ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා පැවසිය.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago