Categories: දේශීය

ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි – විපක්ෂ නායක

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු රැසක් මැද මොවුන් ජීවත් වන බවත් දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වෙන්නවත් නොහැකි ලෙස වත්මන් රජය ගොවිතැන විනාශ කිරීමේ ප්‍රතිපත්තියක නියැලී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කණකර දේපල උගස්කර ගිණි පොළියට මුදල් ගෙන ගොවිතැන ආරම්භ කළත් අද ගොවිතැනට අවශ්‍ය ගුණාත්මක බිත්තර වී නොමැති සේම කලට වේලාවට පොහොර සහනාධාරය පවා නොලැබෙන බවත් ලැබෙන පොහොර පවා බාල බවත් කෘෂි රසායන තෙල් පොහොර සේම කෘෂි උපකරණවල මිලද දිනෙන් දින වැඩි වෙමින් පවතින බවත් ගොවියා දෙවියා කිව්වත් ගොවි උපකරණවලට වැට් ගසමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලි මිනිස් ගැටුම ආදී ගැටලු රැසක් මැද නිෂ්පාදන කළත් අස්වනු නෙලුවත් එසේ ⁣ලබා ගන්නා අස්වැන්නට සාධාරණ ස්ථාවර නිශ්චිත මිලක් නොලැබෙන බවත් අද වී කිලෝවක් නිෂ්පාදනයට රු.137ක් වැය වන බවට කෘෂිකර්ම ඇමති කිව්වත් ස්ථාවර මිල රු. 120ක බවත් මේ රජයේ මැතිඇමතිවරුන්ට මැතිවරණ සමයේ ගොවියා රජා වුණාට ඡන්දෙන් පසු ගොවියා පාඩු ලැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලයේ නාච්චදූවේ පැවැති ජන හමුවක් අමතමිනි.

එදා රු.5000ට පොහොර එපා කියා අනුර කුමාර දිසානායක ජනාධිපති කර අවසානයේ ගොවිය දුක් විදින බවත් භාණ්ඩාගාරයේ මුදල් පුරවා තිබුණත් එහි සහන ගොවියාට නොලැබෙන බවත් ගොවියා දෙවියා කියා බලය අරගෙන ගොවියා කසිප්පුකාරයා බවට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජයේ අවසානය තීරණය කරන්නේ ගොවියා

ඉන්දිය අගවිනිසුරුවරයා එරට විරැකියාවෙන් පෙළෙන අසහනයෙන් සිටි තරුණයන්ට කැරපොත්තන් යැයි පැවසු නිසා තරුණයන් විසින් එකට එකතු වී කැරපොත්තා ජනතා පක්ෂය ආරම්භ කර සිදු කළ විප්ලවය නිසා නවදිල්ලියට පැමිණි නිසා ඉන්දීය අධ්‍යාපන ඇමතිවයා ඉල්ලා අස්වී ඇති බවත් අප රටේ ගොවියාට කසිප්පුකාරයා යැයි අමතන කෘත්‍රීම ගොවියා යැයි අපහාස කරන රජයේ අවසානය මේ ගොවි ජනතාව තීන්දු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වී ගබඩා පිරි ඇත්තේ රටින් ගෙනා හාල්වලින්

ස්ථාවර මිල පවත්වාගෙන යාමට නම් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් රැකගත යුතු වුවත් අද ඔවුන් ආසාදු ලේඛන ගත වී ඇති බවත් ඒ නිසා මේ කුඩා පරිමාණ මෝල් හිමියන් රැක ගත යුතු බවත් දේශීය ගොවියා සුරකිනවා කියු මේ රජය රටින් හාල් ගෙනවිත් ගබඩා පුරවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සෑම තනතුරක්ම තීරණය කරන්නේ පැලවත්තේ පක්ෂ කාර්යාලය

අද වන විට කෘෂිකර්ම ඇමතිට ගොවියා හමුවට යා නොහැකි වී ඇති බවත් මොවුන් ආරම්භයේ සිටම ගොවි සංවිධාන යෞවන සමාජ සිවිල් ආරක්ෂක කමිටුවල සාමාජිකත්වය සහ තනතුරු පවා පැලවත්ත පක්ෂ කාර්යාලය පවා තීරණය කළ බවත් සෑම දෙයක්ම පැලවත්තේ දේශපාලනයට නතු කරන්න මේ රජය කටයුතු කළ බවත් සමගි ජන බලවේග රජයක් තුළ ගොවි ජනතාව නව තාක්ෂණයෙන් සවිබල ගන්වා සීමාසහිත ඉඩමින් වැඩි අස්වැන්නක් ලබා ගන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන බවත් සාධාරණ පිරිවැයට ප්‍රාග්ධනය පවා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා දුන්න ගොවි ණය අද නෑ

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සමයේ ගොවි ණය දුන්නත් දැන් ඒවා නැති බවත් අද ගොවි ණය දෙන්නේ ගමේ ගිණි පොලි කාරයන් නිසා ගොවියා වෙනුවෙන් ප්‍රාග්ධන හා මූල්‍ය ශක්තිය ලබා දෙන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අදටත් ගොවියා වෙනුවෙන් පෙනී සිටින්නේ සජබ විතරයි

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ගොවි ජනතාව ගොවි අයිතිය ස්ථාවර මිල වෙනුවෙන් හඩ නැගුවේ සමගි ජන බලවේගය බවත් ඒ නිසාම දැනටත් ජනතාව තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට බවත් බලයක් නොමැතිව වුවත් අදටත් විපක්ෂයේ සිට ජනතාවට සේවය කරන්නේ සමගි ජන බලවේගය බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය -MEDIA UNIT -OPPOSITION LEADER

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago