Monday, August 24, 2026
Homeදේශීයයල පොහොර සහනාධාර ලෙස රුමිලි 13,492ක් ගෙවා අවසන්

යල පොහොර සහනාධාර ලෙස රුමිලි 13,492ක් ගෙවා අවසන්

2026 යල කන්නය සඳහා ගොවීන් 667,460 දෙනෙකුට හෙක්ටයාර 449,757ක වගා භූමි ප්‍රමාණයක් වෙනුවෙන් රුපියල් මිලියන 13,492ක පොහොර සහනාධාර මුදල මේ වනවිට ගෙවා අවසන් කර ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.

කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කන්නය පසුව ආරම්භ කළ සුළු ගොවි පිරිසකට තවදුරටත් පොහොර සහනාධාර මුදල් ගෙවීම සිදු කෙරෙන බවත් ඉදිරි දින කිහිපය තුළ එම ගෙවීම් ද සම්පූර්ණ කරන බවත් හෙතෙම පැවසීය.

READ:   අකුණු අනතුරු ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්