file
රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක් දෙන්න එපා!
අදම, මේ දැන්ම මේ කියන තැන් ටික පරීක්ෂා කරලා වතුර රැඳෙන තැන් නැති කරමු. සෑම සතියකම අවම වශයෙන් එක් වරක්වත් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න මතක තියාගන්න.
අනිවාර්යයෙන්ම පරීක්ෂා කර පිරිසිදු කළ යුතු තැන්:
ගෙවත්ත සහ වටපිටාව: මල් පෝච්චි අඩි, හිස් පොල් කටු, ටයර්, ප්ලාස්ටික් කෝප්ප, යෝගට් කෝප්ප, හිස් බෝතල් සහ ටින්.
නිවස ඇතුළත: ගෘහස්ථ මල් පෝච්චි (Indoor plants), ශීතකරණය පිටුපස ඇති වතුර එකතු වන තැටිය (Fridge tray), වතුර එකතු කර තබන බාල්දි සහ බැරල්.
වහල සහ වැහි පීලි: කොළ රොඩු හිරවී වතුර පිරී පවතින වැහි පීලි (Gutters).
රැකියා ස්ථානය සහ පාසල: ඔබ වැඩ කරන ඔෆිස් එකේ, කර්මාන්තශාලාවේ හෝ දරුවන් යන පාසල් වටපිටාවේ මෙලෙස වතුර රැඳෙන ඕනෑම තැනක්.
උණක් ආවොත් සැහැල්ලුවෙන් හිතන්න එපා!
ඔබට හෝ පවුලේ අයෙකුට පැය 48 කට වඩා (දින 2ක්) උණ පවතින්නේ නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න. එය ඩෙංගු රෝගය විය හැකියි.
විශේෂයෙන්ම අවදානම වැඩි පිරිස්: ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති අය උණ වැළඳුණු වහාම (පැය 48ක් යනතුරු නොසිට) ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.
ලෙඩ වුණාට පස්සේ දුක් වෙනවාට වඩා, අදම අපේ වටපිටාව සුරක්ෂිත කරගනිමු!
:Health Promotion Bureau
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…