දේශීය

දරුවන් ලෙඩ කරන කෙටි කෑමට සහ පැණි බීමට තහ­න­මක්

පාසල් දරු­වන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාල­නය සඳහා ‘සෞඛ්‍ය­වත් පාසල් ආප­න­ශාලා මාර්ගෝ­ප­දේ­ශය’ නිල වශ­යෙන් එළි­දැ­ක්වීම කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රව­ණා­ගා­ර­යේදී අද (22) සිදු කරයි. පාසල් දරු­වන් අතර කෙටි කෑම සහ පැණි බීම සංස්කෘ­තිය පාල­නය සඳහා මෙම චක්‍ර­ලේ­ඛය නිකුත් කරන අතර සෞඛ්‍ය සහ අධ්‍යා­පන අමා­ත්‍යාංශ දෙක එක්ව මෙම චක්‍ර­ලේ­ඛය නිකුත් කරයි. අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා විසින් පසු­ගිය පෙබ­ර­වාරි මාස­යේදී නිකුත් කළ විශේෂ චක්‍ර­ලේ­ඛ­යට අනුව මෙම මාර්ගෝ­ප­දේ­ශය එළි­දැ­ක්වීම සිදු කරයි.

ජාතික පෝෂණ මාසය ජූනි මාස­යට යෙදී ඇති අතර “කෙටි ආහාර ගැන නැවත සිතමු” එහි තේමාව වී තිබේ. දරු­වන්ගේ සෞඛ්‍ය­යට අහි­ත­කර ආහාර වර්ග පාසල් ආප­න­ශාලා තුළ අලෙ­විය තහ­නම් කර­මින් ඒ වෙනු­වට වික­ල්ප­යන් ලෙස ස්වාභා­වික හා දේශීය කෙටි ආහාර හඳු­න්වා­දී­මට මෙම­ඟින් කට­යුතු යොදා ඇත. පෝෂණ ගුණ­යෙන් තොර අධි කැලරි සහිත අති-සැකසූ (Ultra-Processed) ආහාර දෛනි­කව ගැනීම නිසා වැඩි­හි­ටි­යන් මෙන්ම දරු­වන් ද දිය­වැ­ඩි­යාව, අධි­රු­ධිර පීඩ­නය, පිළිකා වැනි මාරා­න්තික රෝග­ව­ලට ගොදුරු වන බවට වෛද්‍ය­වරු පව­සති.

සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමී­ක්ෂ­ණ­යට අනුව වයස අවු­රුදු 13-14 අතර සිටින මෙරට පාසල් දරු­ව­න්ගෙන් සිය­යට 12ක් අධි බරින් සහ සිය­යට 3ක් ස්ථුල­තා­ව­යෙන් පෙළෙන බවට වාර්තා වේ. එසේම සිය­යට 17.4ක් දරු­වන් දින­පතා කාබ­නී­කෘත පැණි බීම පානය කරන අතර සිය­යට 28.5ක් දරු­වන් අධික ලුණු සහ තෙල් සහිත ආහා­ර­ව­ලට ඇබ්බැ­හිව ඇති බවත් සිය­යට 41 ක් දරු­වන් දින­කට එක් වරක් හෝ ඊට වැඩි වාර ගණ­නක් අහි­ත­කර සීනි සහිත කෑම වර්ග පරි­භෝ­ජ­න­යට පුරු­දුව සිටින බවත් එම සමී­ක්ෂ­ණ­යෙන් වාර්තා වී තිබේ.

සන්ධ්‍යා කරු­ණා­රත්න

උපුටාගැනීම – දිනමිණ

Recent Posts

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

21 hours ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

2 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

2 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

2 days ago

Ceylon Green Life Plantation පිළිබඳ සාවද්‍ය තොරතුරු ප්‍රචාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…

2 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

5 days ago