දේශීය

19 දා සිට අධිවේගයේ ගමන් ගන්නා සියලු රියදුරන්ට සහ මගීන්ට ආසන පටි අනිවාර්යයි!!

ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් එළඹෙන ජුනි 19 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියළුම වාහන වල රියදුරන් සහ මගී ජනතාවට ආරක්ෂිත ආසන පටි පැලඳීම අනිවාර්ය කර ඇත.

file

මේ පිළිබඳ දැනුවන් කිරීමේ වැඩසටහනක් ඊයේ (17) කොට්ටාව අධිවේගී මාර්ග හුවමාරු මධ්‍යස්ථානයේදී පැවැත්විණ. එහිදී අධිවේගී මාර්ගයේ ගමන් කරන ලද වාහන වල රියදුරන් සහ මගී ජනතාවට අත්පත්‍රිකා ලබා දෙමින් ආසන පටි පැලඳීම පිළිබඳවත් මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙල යටතේ 19 වනදා සිට නීතිය බලාත්මක වීම පිළිබඳවත් දැනුවත් කෙරිණ. අමාත්‍යංශය මගින් මුද්‍රිත “ආදරණීයයන් වෙනුවෙන් Click එකක්” තේමාව සහිත අත් පත්‍රිකා බෙදා දීම මෙහිදී සිදු කල අතර ඒ පිළිබඳ රියදුරන් සහ මගී ජනතාවගේ ආකර්ෂණයටද ලක් විය.

ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීමට රියදුරන් සහ මගී ජනතාවට ලබා දී තිබූ මාස 3ක සහන කාලය එළෙබෙන ජුනි 19 වෙනිදායින් අවසන් වන බැවින් ආසන පටි නීතිය කඩ කරන්නන්ට එරෙහිව දඩ මුදල් පැනවීමට නියමිතය.

ඒ අනුව සාමාන්‍ය මාර්ග වල ධාවනය වන වාහන වල රියදුරු සහ ඉදිරිපස අනෙක් ආසනයේ ගමන් ගන්නා මගියා ආසන පටි පැලඳීම අනිවාර්ය වන අතර අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියළුම වාහන වල රියදුරු සහ සියළු මගීන් ආසන පටි පැලඳිය යුතු වේ.

මෙම නීතිය කඩකරන්නන්ට එරෙහිව රුපියල් දහසකට යටත් වන දඩ මුදලක් ගෙවීමට සිදු වන අතර නීතිමය ප්‍රතිපාදන අනුව ඉදිරියේදී රියදුරු, මගියා සහ වාහන හිමිකරු යන සියලු දෙනා මෙම වගකීමට යටත් වේ.

කොට්ටාවේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනට ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු, කළමණාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් R.A.D කහටපිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

:News.lk

Recent Posts

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…

23 hours ago

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…

23 hours ago

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

3 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

3 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

4 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

4 days ago