file
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම වළකාලන ආඥාවන් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉවත් විය.
‘චැනල් ෆෝ’ නාලිකාවෙන් හෙළි කළ තොරතුරු මත පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ හා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවදානමක් ඇතැයි කියමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දුන්නේය.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ අද (18) යළි සලකා බැලීමට නියමිතය.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම්කර ඇත.
පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රටින් පිටවීම වළකාලන නියෝගයක් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර අවස්ථාවක නිකුත් කර ඇති බව ජනමාධ්‍ය මඟින් තමන්ට තොරතුරු ලැබුණු බව පවසන පෙත්සම්කරු මෙම තත්ත්වය යටතේ ‘චැනල් ෆෝ’ නාළිකාවෙන් හෙළිවූ තොරතුරු මත පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එලෙස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවදානමක් ඇති බවද සඳහන් කර ඇත. තමන් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ සිද්ධියක් මත අත්අඩංගුවට පත් අයකු බවත් පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසම ඔහුට එරෙහිව නිර්දේශයක් කර ඇති බවත් සඳහන් කරන පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි තත්ත්වය යටතේ සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ශානි අබේසේකර මහතාගෙන් බලාපොරොත්තු විය නොහැකි බවත් සඳහන් කර ඇත.
මෙවැනි තත්ත්වයක් යටතේ පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට පත්වුවහොත් තමන්ගේ නිදහස සීමා වන බවත් තමන්ගේ ස්වාභාවික යුක්ත මූලධර්මය කඩවන බවත් පවසන පෙත්සම්කරු පාස්කු දින ප්‍රහාර සිද්ධියට තමන් සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධි බවද සඳහන් කර ඇත.
මෙම තත්ත්ව යටතේ පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව නිකුත් කළ වාර්තාව සහ ඊට අදාළ ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කරන්නැයිද ඉල්ලා සිටී.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥවරුන් වන අලි සබීර් සහ රොමේෂ් ද සිල්වා මහත්වරු පෙනී සිටියහ. වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ස්වර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.
උපුටාගැනීම: දිනමිණ
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…