file
මාස 6ට මරණ 24ක් – රෝගීන් 41,144ක්
ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන මදුරු කීටයන් බෝ කරන පරිශ්‍ර හා නිවෙස් පරීක්ෂාවන්හිදී කීට ගහන පරිශ්‍ර පවත්වාගෙන යන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කේ.පී.ඒ. බොරලැස්ස මහතා ‘දිනමිණ’ට ඊයේ (15) පැවසීය.
මේ සම්බන්ධයෙන් දඩ මුදල රුපියල් 5000ත් 10,000ත් අතර වන බවත් බස්නාහිර පළාතේ ඒ අවස්ථාවේදීම දඩ අයකර ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය.
මදුරු කීටයන් සහිත පරිශ්‍ර හා නිවාස පවත්වාගෙන යන අය සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන බැවින් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවද හෙතෙම කීවේය.
මේ අතර ඩෙංගු වයිරස් කාණ්ඩ 4න් ප්‍රබල කාණ්ඩයක් වන ඩෙංගු 2 (DENV-2) වයිරසය මේ දිනවල බහුල වශයෙන් පැතිර කොළඹ, ගම්පහ, මහනුවර, මාතර, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 7කින් ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 89ක් සෞඛ්‍ය අංශ මඟින් හඳුනාගෙන තිබේ.
මේ වසරේ ජනවාරී සිට මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 41,144ක් වාර්තා වී ඇති අතර මරණ 24ක් වාර්තා වී තිබේ. ගිය වසරේ සමස්ත ඩෙංගු මරණ වාර්තා වී ඇත්තේ 29ක් වන අතර මේ මාස හයක කාලය තුළ පමණක් මරණ 24ක් වාර්තා වී තිබීම සැලකිය යුතු තත්ත්වයක් බවට පත්ව ඇත. මේ මරණ අතර පාසල් සිසුන්ද 4ක් වෙති.
එමෙන්ම මේ මාසයේ ආරම්භයේ සිට මේ දක්වා දින 14ක් තුළදී පමණක් ඩෙංගු රෝගීන් 8591ක් වාර්තා වී තිබේ. පසුගිය මාසය පුරාවටම වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 8083කි.
ඩෙංගු ව්‍යාප්ත වීම මැඬපැවැත්වීමට අදාළව ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවැති අතර ඩෙංගු ව්‍යාප්තිය හමුවේ දිස්ත්‍රික්ක 14ක් ගැන අමාත්‍යාංශයේ දැඩි අවධානයට යොමු විය.
ප්‍රතිකාර සඳහා රෝහල් පද්ධතිය සූදානම් කිරීම, ඩෙංගු මදුරු මර්දන ක්ෂේත්‍ර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ එම කටයුතුවල ප්‍රගතිය, ක්ෂේත්‍ර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී බලපානු ලබන මූලික ගැටලු සහ බාධක, මෙම වැඩසටහන සඳහා ජනතා සහභාගිත්වය ලබාගැනීම, පළාත් පාලන ආයතන, අනෙකුත් රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශවල දායකත්වය ලබා ගැනීම ආදී කටයුතු මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වැනි කරුණු පිළිබඳ ඉතා මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාශීලීව අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම අවධාරණය කළ අතර, ඒ සඳහා සකස් කර ඇති සියලු වැඩසටහන් වේගවත් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.
විශේෂයෙන්ම මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජාව මූලික කරගෙන ප්‍රජා සංවිධානවල දායකත්වය ලබා ගැනීමේ වැදගත්කම අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.
එමෙන්ම ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් මර්දනය කිරීමට අදාළව ජාත්‍යන්තර අත්දැකීම් පාදක කරගනිමින් වැඩසටහනක් සකස් කිරීම පිළිබඳවත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් සමඟ කරුණු සාකච්ඡා කළ අතර ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හා සැලසුම් සකස් කිරීමට පියවර ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි.
වසංගතයක් බවට පත්වෙමින් තිබෙන ඩෙංගු රෝගය නිහඬ මාරයෙකු ලෙස සමස්ත සමාජයම ගොදුරු කර ගනිමින් සිටින මෙවැනි වකවානුවක ඩෙංගු මදුරු මර්දනයට සියලුදෙනාගේම අවධානය යොමු වීම ඉතාම වැදගත් බව මේ අතර සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
එහි එක් පියවරක් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සංවිධානයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෙසු අමාත්‍යාංශ සමඟ එක්ව ඊයේ (15) සිට 20 වැනිදා දක්වා ඩෙංගු මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. මීට පෙරද තවත් දින තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබිණි.
මේ අනුව ඊයේ අද සහ හෙට දිනවල දිනයන්හිදී පොදු ස්ථාන පිරිසුදු කිරීම ද, 18 වැනිදා පාසල් පද්ධතිය පිරිසුදු කිරීම ද, 19 වැනිදා රාජ්‍ය හා පෞද්ගලික ආයතන පිරිසුදු කිරීම ද, 20 වැනිදා නිවාස පිරිසුදු කිරීමද සිදු කෙරේ. රට පුරා සේවයේ යෙදී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 2400 කගේ පමණ සහය මේ සඳහා ලබාදී ඇත.
මේ දිනවල රට පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර රෝහල් වාට්ටු රෝගීන්ගෙන් පිරී යමින් තිබේ. පාසල් සිසුවාගේ සිට වැඩිහිටියන් දක්වා සියලු වයස් කාණ්ඩවල පුද්ගලයන් ඩෙංගු රෝගයට ගොදුරු වෙමින් සිටියි.
උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, ඇඟපත කැක්කුම වැනි රෝග ලක්ෂණ සමඟ ආරම්භ වන මෙම රෝගය, ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් ජීවිතයට පවා තර්ජනයක් විය හැකිය. මේ වන විට රට පුරා ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 41,144ක් වාර්තා වී ඇති අතර මරණ 24ක් වාර්තා වී තිබේ. මේ මාසයේ ආරම්භයේ සිට මේ දක්වා දින 14ක් තුළදී ඩෙංගු රෝගීන් 8591ක් වාර්තා වී තිබේ. මින් පෙර සතියට ඩෙංගු රෝගීන් 150ක් 200ක් අතර වාර්තා වන නමුත් මෙවර දිනකට රෝගීන් 750ක් පමණ රට පුරා වාර්තා වේ. මේ නිසා රෝහල් ධාරිතාව ඉක්මවන පරිදි රෝගීන් වර්ධනය වී ඇතැයිද සෞඛ්‍ය අංශ පවසයි.සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට නිවාස වටා එකතු වන ජලය ඩෙංගු මදුරුවන් බෝවීමට ප්‍රධාන හේතුව වේ. භාවිතයෙන් ඉවත් කළ ටයර්, පොල් කටු, හිස් බෝතල්, මල් පෝච්චි සහ වැසි ජලය රැඳෙන ඕනෑම භාජනයක් මදුරුවන්ගේ තවානක් බවට පත්විය හැකිය.
උපුටා ගැනීම – දිනමිණ
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…