file
රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් මේ ස්ථාවර මිල සුත්‍රය නිර්මාණය කිරීමේ දී බිත්තර වී, පොහොර මිල, කෘෂි රසායන මිල, යන්ත්‍ර සූත්‍ර උපකරණ මිල ආදිය ඇතුළත් වී කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැය ගණනය කරන සූත්‍රය සහ ඒ සූත්‍රය අනුව ස්ථාවර මිල තීන්දු කරන්නේ කෙසේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් යුත් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.
රටේ වාර්ෂික පොහොර අවශ්‍යතාව තුළ රජයේ මිලදී ගැනීම්වලින් සහ පෞද්ගලික අංශයේ මිල දී ගැනීම්වලින් එය කොතෙක් දුරට සපුරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පවතින යුධමය තත්ත්වය සමඟ පොහොර මිල ඉහළ ගිය නිසා යුධමය තත්ත්වයට පෙර සහ පසු පොහොරවල මිල ඉදිරිපත් කරන ලෙසත් හොර්මූස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කර ගෙන අප රටට පොහොර සැපයීමේ දී සිදුවන බලපෑමේ ප්‍රතිශතය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
පොහොර මිල සම්බන්ධ ගැටලු රැසක් පවතිනවා
ලෝකයේ පොහොර සැපයුමින් 20-30%ක් පමණ හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා සිදු වන බවත් මේ පොහොර සැපයුම පිළිබඳව ගැටලු නැති බව පැවසුවත් ගොවිජන සේවා සහ පෞද්ගලික අංශයෙන් ලබා දෙන පොහොරවල මිල සංසන්දනය කරන විය පොහොර මිල සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වන බවත් පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රමිතිය සේම හෙක්ටරයාරයක් වගා කිරීමට කොපමණ පොහොර ප්‍රමාණයක් ලබා දෙන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හෙක්ටයාරයක ලබා දෙන පොහොර ප්‍රමාණවත් නැහැ
සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 300ක් පොහොර දුන්නත් එය ප්‍රමාණවත් නොවන නිසා එය කිලෝ 400ක් විය යුතු බවට ගොවියන් යෝජනා කරන බවත් මඩ පොහොර හෙක්ටයාරයකට කිලෝ 50ක් දුන්නත් එය 150ක් විය යුතු බවට ගොවියන් පවසන බැවින් රජය ලබා දෙන ප්‍රමාණය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…