දේශීය

වී කිලෝවක පිරිවැය අනුව ස්ථාවර මිල තීන්දු කරන සූත්‍රය මොකද්ද? -සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

රජය විසින් වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් මේ ස්ථාවර මිල සුත්‍රය නිර්මාණය කිරීමේ දී බිත්තර වී, පොහොර මිල, කෘෂි රසායන මිල, යන්ත්‍ර සූත්‍ර උපකරණ මිල ආදිය ඇතුළත් වී කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැය ගණනය කරන සූත්‍රය සහ ඒ සූත්‍රය අනුව ස්ථාවර මිල තීන්දු කරන්නේ කෙසේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් යුත් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.

රටේ වාර්ෂික පොහොර අවශ්‍යතාව තුළ රජයේ මිලදී ගැනීම්වලින් සහ පෞද්ගලික අංශයේ මිල දී ගැනීම්වලින් එය කොතෙක් දුරට සපුරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පවතින යුධමය තත්ත්වය සමඟ පොහොර මිල ඉහළ ගිය නිසා යුධමය තත්ත්වයට පෙර සහ පසු පොහොරවල මිල ඉදිරිපත් කරන ලෙසත් හොර්මූස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කර ගෙන අප රටට පොහොර සැපයීමේ දී සිදුවන බලපෑමේ ප්‍රතිශතය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පොහොර මිල සම්බන්ධ ගැටලු රැසක් පවතිනවා

ලෝකයේ පොහොර සැපයුමින් 20-30%ක් පමණ හෝර්මූස් සමුද්‍ර සන්ධිය හරහා සිදු වන බවත් මේ පොහොර සැපයුම පිළිබඳව ගැටලු නැති බව පැවසුවත් ගොවිජන සේවා සහ පෞද්ගලික අංශයෙන් ලබා දෙන පොහොරවල මිල සංසන්දනය කරන විය පොහොර මිල සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වන බවත් පොහොරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රමිතිය සේම හෙක්ටරයාරයක් වගා කිරීමට කොපමණ පොහොර ප්‍රමාණයක් ලබා දෙන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හෙක්ටයාරයක ලබා දෙන පොහොර ප්‍රමාණවත් නැහැ

සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 300ක් පොහොර දුන්නත් එය ප්‍රමාණවත් නොවන නිසා එය කිලෝ 400ක් විය යුතු බවට ගොවියන් යෝජනා කරන බවත් මඩ පොහොර හෙක්ටයාරයකට කිලෝ 50ක් දුන්නත් එය 150ක් විය යුතු බවට ගොවියන් පවසන බැවින් රජය ලබා දෙන ප්‍රමාණය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago