file
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත් විය.
මෙහිදී ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් පරිහරණය කිරීමේදී ඇති වන දුෂ්කරතා පිළිබඳව ආදිවාසී නායකතුමන් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළේය.
ආදිවාසී ජනතාවට බාධාවකින් තොරව පාරම්පරික ඉඩම් භුක්ති විඳීමට අයිතියක් ඇති බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරීමේ ඉදිරි කටයුතු සිදු කරන බවත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැහැදිලි කළාය.
මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූ හෙන්නානිගල ගම්වාසීන් සඳහා මෙතෙක් සහනාධාර නොලැබීම පිළිබඳව ආදිවාසී නායකයා කරුණු ඉදිරිපත් කළ අතර, අග්‍රාමාත්‍යතුමිය එම මොහොතේදීම අදාළ නිලධාරීන් දැනුවත් කර එම පවුල් සඳහා විධිමත් ලෙස සහන ලබා දීමටද පියවර ගත්තාය.
දඹාන පාසලේ පවතින අඩුපාඩු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ අතර, ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
2026.06.12
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…