ඉඩමකට බලපත්‍රයක් සකස් කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඉල්ලා ලබා ගත්තැයි කියන කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ඔහුගේ පෞද්ගලික රියැදුරු අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගත්තා.
ඒ අල්ලස් කොමිසමට ලද පැමිනිල්ලකට අනුවයි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුයේ කුච්චවේලි ඉක්බාල් නගර් ප්‍රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අයිනිය පිල්ලේ මුබාරක් සහ ඔහුගේ පෞද්ගලික රියැදුරයි.
සැකකාර ප්‍රාදේශීය සභාපතිවරයා පැමිණිලිකාරියගේ ඉඩමක පර්චස් 20ක් සඳහා බලපත්‍රයක් ලබාදීමට රුපියල් එක්ලක්ෂ හැට දහසක මුදලක් මුලින් ලබාගෙන ඒ සඳහා බලපත්‍රය ලබාදී ඇති බවයි අල්ලස් කොමිසම පවසන්නේ.
පසුව එම ඉඩමේ ඉතිරි කොටස සඳහා බලපත්‍රය ලබාදීමට රුපියල් ලක්ෂ පහක මුදල ඉල්ලා ලබාගනිද්දි අද මෙලෙස අත්අඩංගුවට පත්වූ තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා අද සවස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අල්ලස් කොමිසම පවසනවා
කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයිනිය පිල්ලේ මුබාරක් නමැති අය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ඉලංගෙයි තල්මි අරසු කච්චි යන පක්ෂ දෙක එකමුතුව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගෙන තිබුණි


