දේශීය

ගිනි අවිය පිටට දුන්න කළුතර හිටපු පොලිස් ලොක්කාව අත්අඩංගුවට ගන්න බාධාවක් නෑ අධිකරණය දන්වයි.

කළුතර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීම වලකන ලෙස ඉල්ලා ඉදිරිපත් කල ඇප ඇයදුමට එරෙහිව මූලික විරෝධතා ගොනු කරන ලෙසත් , ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය බාධාවක් නොමැති බවත් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා ඊයේ (28) නියෝග කලේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා විසින් , නඩු භාණ්ඩ වශයෙන් පොලිසිය භාරයේ ඇති ගිනි අවියක් ඔහුගේ මිත්‍රයෙකුට ලබාදීම සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ටාශය විසින් සිදුකරන පරීක්ෂණ වලට අදාලව අත්අඩංගුවට ගැනීම වලකන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කල ඇප ඇයදුම වාරණයට ලක්කරන ලෙස කළුතර අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතා ඉදිරිපත් කල කරුණු සලකා බැලීමෙන් පසු නියෝගය නිකුත් කරන ලදී.

ඒ අනුව අදාල ඇප ඇයදුමට එරෙහිව ලබන ඔක්තෝබර් 31 දින මූලික විරෝධතා ගොනුකරන ලෙස කළුතර අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතා ට මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් නියෝග කලේය.

කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඇමරිකාවේ නිශ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අව්යක් මීට සති දෙකකට පමණ පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම ගිනි අවිය කළුතර දකුණ හිටපු මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින් තමාට ලබාදුන් බවට සැකකරුගේ ප්‍රකාශ වලින් හෙලිව තිබේ.

එමෙන්ම එම ගිනි අවිය 2002 වර්ෂයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩු භාණ්ඩයක් ලෙස කළුතර දකුණ මූලස්ථාන පොලිසිය භාරයට පත්කල ගිනි අවියක් බවටද පොලිසිය විසින් හදුනාගෙන තිබේ.

සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන කළුතර අපරාධ කොට්ටාශයට භාරදී ඇති අතර, ඒ අනුව කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක නිළ නිවස තුලදී ඔහුගේ මිත්‍රයෙකුට ගිනි අවිය සමග ලබාගත් ඡායාරූපද පොලිසිය විසින් සොයාගෙන ඇති බව සදහන් වේ.

එමෙන්ම කළුතර දකුණ මුලස්ථාන පොලිසියේ අවි ගබඩාව භාර සැරයන් වරයා සහ අදාල ගිනි අවිය ඉංගිරිය හදපාන්ගොඩ පිහිටි හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාගේ නිවසේ සිට කළුතරට රැගෙන වාහනයේ පැමිණි අයෙක්ගේද ප්‍රකාශ මේ වනවිට සටහන් කරගෙන ඇති බවද පොලිසිය කීය.

කළුතර අපරාධ කොට්ටාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව සහ සැරයන් ගුණේන්ද්‍ර යන මහත්වරුන් පොලිසිය වෙනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

Sampath kularathne
Kaluthara
2025 10 28

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago