Thursday, July 30, 2026
HomeදේශීයBREAKING දේශබන්දුට අන්තිමේ කවුරුත් නැතිවෙයි. දේශබන්දු ගෙදර යවන්න ජන්ද 177ක්

BREAKING දේශබන්දුට අන්තිමේ කවුරුත් නැතිවෙයි. දේශබන්දු ගෙදර යවන්න ජන්ද 177ක්

දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට අදාළ ඡන්ද විමසීම අද (05) පාර්ලිමේන්තුවේදී පැවැත් වූ අතර එයට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 0ක්.

දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු කර ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණ කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විමර්ශනය කළ අදාළ කමිටුවේ වාර්තාව සභාගත කළා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සුදුසු බව අදාළ කමිටුව ඒකමතිකව නිර්දේශ කෙරුණා.

READ:   BREAKING NEWS: දේශබන්දුට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්