file
ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගෙන ගැටලු වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නියැලී සිටින ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් ගොඩනැන්වීමේ අරමුණින් “ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍ය වේදීන්ගේ සංගමය” නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (28) කොළඹදී සිදු කෙරුණා.
ඒ යූ ටියුබ් ඇතුළු ඩිජිටල් මධ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට කැපීපෙනෙන කාර්යභාරයක් සිදු කරන මාධ්‍ය නාලිකා රැසක නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන්.
මෙම සංගමය, ඩිජිටල් මාධ්‍යවේදීන්, යූටියුබ් නාලිකා හිමිකරුවන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අතර වෘත්තීයමය වෙනසක් ඇති කරමින්, ආචාරධාර්මික රාමුවක් තුළ කටයුතු කිරීමට මග පෙන්වීම අපේක්ෂා කරන අතර ඩිජිටල් මාධ්‍යකරණය හා සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ නීති සම්පාදනයේදී රජය සහ අනෙකුත් පාර්ශ්ව සමඟ සෘජුව මැදිහත් වීමට ද සූදානම්ව සිටිනවා.
මාධ්‍ය ආචාර ධර්මවලට මුල්තැන දෙමින් ජනතාවට නිවැරදි තොරතුරු වාර්තාකිරීමත් වගකිවයුතු ක්‍රමවත් මධ්‍යකරණයක් හරහා ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවිය යුතු නව පරිවර්තනයන් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් ඉදිරිපත් වුණා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…