දේශීය

සජබ අපේක්ෂකයාට වෙඩිතැබූ සැකකරුවන් අල්ලයි

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී කළුතර මහනගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරමින් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න මහතාට 2025 05 04 වන දා සවස් කාලයේ දී යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩි තැබීම සිදු කරන ලද ගිනි අවිය සහ ඊට යොදාගත් යතුරු පැදිය ද සමග එම වෙඩි තැබීමට අනුබල දුන් පුද්ගලයින් තුන්දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්‍ෂණයක් ආරම්භ කළ කළුතර අපරාධ කොට්ඨාශය පයාගල පොලිස් වසමේ අක්කර දාසය ප්‍රදේශයේදී මහ මඟ ගමන් ගත් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී එම යතුරු පැදිය සොරකම් කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වී ඇත .ඉන්පසුව එම යතුරුපැදිය පැදවූ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ මොහු විසින් සොරකම් කරන ලද තවත් යතුරු පැදියක් භයාගල ප්‍රදේශයේම තිබී තවත් පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.තවදුරටත් අනාවරණය වී ඇත්තේ කළුතර ප්‍රදේශයේ මෙම වෙඩි තැබීමට සම්බන්ධ යතුරු පැදිය අංගම්ගොඩ ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් අතර එම නිවස පරීක්ෂා කිරීමේදී එම නිවසේ සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක්ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

ඉන්පසුව අනාවරණය වී ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේදී බන්දුල ප්‍රසන්න නමැත්තාට වෙඩි තැබීමට මෙම ගිනි අවිය යොදාගෙන ඇති බවයි.

තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මොවුන් විසින් මෙම ආකාරයට සොරා ගන්නා ලද යතුරුපැදි හතරක් කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් පයාගල ප්‍රදේශයේම විවිධ ස්ථානවල සඟවා තිබී පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අනුව සමගි ජන බලවේගයේ කළුතර නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තැබමට පැමිණි යතුරුපැදිය ද පයාගල ප්‍රදේශයේම සඟවා තිබියදී සොයා ගත් අතර,මෙම යතුරුපැදිද කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු වන බෝම්බුවල නවීන් නමැත්තාට විවිධ අපරාධ සඳහා මොවුන් විසින් ලබා දී ඇති බවටද තොරතුරු අනාවරණය වීී ඇත.

එමෙන්ම මෙම අපේක්ෂකයාට වෙඩි තැබීමෙන් අනතුරුව එම ගිනි අවිය ද රැගෙන යාමටද මෙම පුද්ගල කණ්ඩායම ක්‍රියාකොට ඇත.එමෙන්ම මොවුන් නැතිදෙනා විසින් මෙම ඝාතනය සිදුකිරීමට පෙර හා ඝාතනයෙන් අනතුරුව දුරකථන සංවාද සිදු කරන ලද ජංගම දුරකථන තුනක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

:Sampath kularathne

Recent Posts

සජිත් හා චීන තානා­පති අතර හමු­වක්

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ තානා­පති චී ෂෙන්හොං (Qi…

45 mins ago

කොළඹ වරායේ නව පස්මහල් වරාය සෞඛ්‍ය කාර්යාලය ජනතා අයිතියට..

"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…

49 mins ago

ඇසළ පුන් පොහෝ දිනය අදයි..

“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ‍ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…

1 day ago

මට තවමත් හමුදාවට අණ දිය හැකියි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාහමුදා සාමාජිකයන්ගේ සේවා කාලයත් දීර්ඝ කළ යුතු බවට යෝජනාවක්

විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…

1 day ago

කොළඹ ඩොක්යාර්ඩ්ට යුරෝපයෙන් දැවැන්ත ඇණවුමක් – බ්‍රිතාන්‍යය සඳහා අති නවීන කේබල් නෞකාවක් ශ්‍රී ලංකාවේදී ඉදිවෙයි

කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…

1 day ago

ධුරකාලය අවසන් කර ලංකාවට සමු දෙන චීන තානාපති විපක්ෂ නායක හමුවෙලා යන්න එයි

සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…

2 days ago