දේශීය

සජබ අපේක්ෂකයාට වෙඩිතැබූ සැකකරුවන් අල්ලයි

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී කළුතර මහනගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරමින් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න මහතාට 2025 05 04 වන දා සවස් කාලයේ දී යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩි තැබීම සිදු කරන ලද ගිනි අවිය සහ ඊට යොදාගත් යතුරු පැදිය ද සමග එම වෙඩි තැබීමට අනුබල දුන් පුද්ගලයින් තුන්දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පරීක්‍ෂණයක් ආරම්භ කළ කළුතර අපරාධ කොට්ඨාශය පයාගල පොලිස් වසමේ අක්කර දාසය ප්‍රදේශයේදී මහ මඟ ගමන් ගත් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී එම යතුරු පැදිය සොරකම් කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වී ඇත .ඉන්පසුව එම යතුරුපැදිය පැදවූ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ මොහු විසින් සොරකම් කරන ලද තවත් යතුරු පැදියක් භයාගල ප්‍රදේශයේම තිබී තවත් පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.තවදුරටත් අනාවරණය වී ඇත්තේ කළුතර ප්‍රදේශයේ මෙම වෙඩි තැබීමට සම්බන්ධ යතුරු පැදිය අංගම්ගොඩ ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් අතර එම නිවස පරීක්ෂා කිරීමේදී එම නිවසේ සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක්ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

ඉන්පසුව අනාවරණය වී ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේදී බන්දුල ප්‍රසන්න නමැත්තාට වෙඩි තැබීමට මෙම ගිනි අවිය යොදාගෙන ඇති බවයි.

තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මොවුන් විසින් මෙම ආකාරයට සොරා ගන්නා ලද යතුරුපැදි හතරක් කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් පයාගල ප්‍රදේශයේම විවිධ ස්ථානවල සඟවා තිබී පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අනුව සමගි ජන බලවේගයේ කළුතර නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට වෙඩි තැබමට පැමිණි යතුරුපැදිය ද පයාගල ප්‍රදේශයේම සඟවා තිබියදී සොයා ගත් අතර,මෙම යතුරුපැදිද කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු වන බෝම්බුවල නවීන් නමැත්තාට විවිධ අපරාධ සඳහා මොවුන් විසින් ලබා දී ඇති බවටද තොරතුරු අනාවරණය වීී ඇත.

එමෙන්ම මෙම අපේක්ෂකයාට වෙඩි තැබීමෙන් අනතුරුව එම ගිනි අවිය ද රැගෙන යාමටද මෙම පුද්ගල කණ්ඩායම ක්‍රියාකොට ඇත.එමෙන්ම මොවුන් නැතිදෙනා විසින් මෙම ඝාතනය සිදුකිරීමට පෙර හා ඝාතනයෙන් අනතුරුව දුරකථන සංවාද සිදු කරන ලද ජංගම දුරකථන තුනක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

:Sampath kularathne

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

12 mins ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

19 mins ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago