Thursday, July 23, 2026
Homeදේශීයඅනතුරට පත් ගුවන් යානය පිළිබද විමර්ෂණයට ගුවන් හමුදාධිපති විසින් පරික්ෂණ කමිටුවක් පත්කරයි’

අනතුරට පත් ගුවන් යානය පිළිබද විමර්ෂණයට ගුවන් හමුදාධිපති විසින් පරික්ෂණ කමිටුවක් පත්කරයි’

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙ පිහිටි ගුවන් හමුදා අංක 05 ප්‍රහාරක බලඝණයට අනියුක්ත කර ඇති ගුවන් නියමුවන්ගේ උසස් පුහුණවිමි සදහා යොදාගනු ලබන K – 8 වර්ගයේ ගුවන් යානයක් අද දින උදෑසන (2025 මාර්තු මස 21 වන දින) පුහුණුවිමක් අතරතුර කුරුණෑගල වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදි හදිසි අනතුරට ලක්වි ඇති අතර එම ගුවන් යානයේ ගුවන් නියමු නිළධාරින් දෙදෙනා ගුවන් යානයෙන් ආරක්ෂිතව ඉවත්වි කුරුණෑගල පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාලය පරිශ්‍රයට පැරිෂුටි ආධාරයෙන් ගොඩ බැස ඇත

මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිළධාරිවරයා ගමන් කර ඇති අතර, එම නිළධාරින් මෙ වන විට කුරුණෑගල ජාතික රෝහලට ඇතුල කර ඇත

මෙම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මුලික කදවුරෙන් පෙරවරු 07.27 පමන ගුවන් ගතවී ඇති අතර පෙරවරු 07 .55 පමන මෙම අනතුර සිදුවි ඇත.

Trainer jet crash-lands in Wariyapola

මෙම ගුවන් අනතුරින් පසු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් මෙම ගුවන් අනතුර පිළිබදව පරික්ෂණයක් සිදු කිරිම සදහා සාමාජිකයින් හත්දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්කරන ලදි .

READ:   ජනපති සහ චීන තානාපති අතර හමුවක්.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්