දේශීය

රටටත්,ජනතාවටත් ආශිර්වාද පතා රුවන්වැලි සෑරදුන්ට පාත්‍ර අසූහාර දහසේ සත් දින පිංකම් මාලාවක්.

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින, රුවන්වැලි මහා සෑයට අසූහාරදහසක් මහා ධර්මස්කන්ධය මෙනෙහි කොට,කිරි ආහාර පාත්‍ර අසූ හාරදහසක් පූජා කිරීමේ සත්දින බුද්ධ පූජා පිංකම් මාලාවක් සිදු කිරීමට මතුගම ශ්‍රී පැරකුම් බොදු මග පදනම සැලසුම් කර තිබෙනවා.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ හා රුවන්වැලි මහා චෛත්‍යාධිකාරී රජරට විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ඊතල වැටුණු වැවේ ඥානරතන හිමියන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් මෙම උතුම් පිංකම් මාලාව සිදුකෙරෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ සහ පස්දුන් කෝරළේ ප්‍රධාන සංඝනායක වළල්ලාවිට ගුලවිට විමලාරාමාධිපති කෙවිටියාගල ජිනසිරි නායක ස්වාමීන්වහන්සේ,මතුගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය යටදොළවත්තේ චන්ද්‍රසිරි නායක ස්වාමීන්වහන්සේ,අමරපුර නිකායේ අඹගහ පිටිය පාර්ශවයේ අනුනායක කොළහැකඩ ඉදිගොඩතැන්න උභය මහා විහාරාධිපති පූජ්‍ය රන්දොඹේ සුමනාලෝක අනුනායක ස්වාමීන් වහන්සේ,මතුගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී ඕවිටිගල ශ්‍රී සුනන්දාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ඕවිටිගල සුමේධ නාහිමියන් වහන්සේ,මතුගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී මොරගල සුමන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයද මේ උතුම් පින්කමට ලැබී තිබෙනවා.

මතුගම ශ්‍රී පැරකුම් බොදුමග පදනමේ සභාපති බර්නාඩ් පරාක්‍රම මහතා ⁣පවසන්නේ
මෙම උතුම් සත් දින බුද්ධ පූජා පින්කම් මාලාවට කප්රුක් පූජා හතක්,ඖෂධ 108 පූජා 7 ක්,සෑ මළුවට ලණු පැදුරු පූජාවක්,සර්ව රාත්‍රික පිරිත් දේශනාව,මහා සංඝ දක්ෂිණාව ඇතුලු මහාර්ඝ සම්පන්න උතුම් වූ පිංකම් මාලාවක් පැවැත්වෙන බවයි.

නවම් මස 6,7,8,9,10,11,12 සහ 13 යන දින වලදී මෙම අසදෘෂ මහා පිංකම රුවන්වැලිසෑ මහ රදුන් අභියසදී පැවැත්වෙන අතර මෙහි කොටස්කරුවෙකු වීමට පිං කැමති ඔබටද හැකියාව පවතිනවා.

නවම් මස පුර පසළොස්වක පොහොය යෙදෙන ⁣පෙබරවාරි මස 12 වනදා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්වෙන අතර ඒ සඳහා මල්වතු මහා විහාර පාර්ශවයේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි මහා සඟ සභාවේ මහා ලේඛකාධිකාරී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති ජූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ වැඩමවීම සිදු වනවා.

මෙම පිංකම සඳහා ගිහි අනුශාසකයින් ලෙස කලුතර දිස්ත්‍රික් ලේකම්තුමා,මතුගම ප්‍රාදේශීය ලේකම්තුමා,මතුගම ප්‍රාදේශීය සභා ලේකම්,මතුගම පොලිස් අධිකාරී චන්ද්‍ර පද්මලාල් මහතා ,ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සේවා නිලධාරී ඇතුලු රාජ්‍ය ආයතන රැසක දායකත්වය ලැබී තිබෙනවා.

ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේශබන්දු ශ්‍රීපාල් වන්නිආරච්චි සත් කෝරළය ශ්‍රී සදහම් පදනමේ සභාපති අනුර විජයබන්ඩාර මහතා ඇතුලු ස්වේච්ඡා සංවිධාන මෙහි සම්බන්ධීකරණය සිදු කරන අතර දහම් පාසල් රැසක මෙන්ම පළාතේ තවත් රාජ්‍ය නොවන ආයතන රැසක බැතිබර දායකත්වයද මීට හිමිවී තිබෙනවා.

මෙම උතුම් පින්කමෙහි තවත් විශේෂත්වයක් වන්නේ කිසිදු පොල්කිරි භාවිතාවක් සිදු නොවීමයි.

එදා සුජාතා සිටු දියණියන් තම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේට එළකිරි වලින් සකසන ලද බුද්ධ පූජාවක් පූජා කළා මෙන්, මෙදා රටටත්,ජනතාවටත්,සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කරමින් එළකිරි භාවිතාවෙන්ම පමනක් පිළියෙල කරන ලද සම්බුද්ධ බුද්ධ පූජාව සිදු කිරීම විශේෂත්වයක්.

මේ සඳහා පූජා කිරීම සඳහා මීට වසරකට ඉහත සිට සුවඳැල් වගා කරන ලද අතර එහි නෙළා ගත් ඵලය මෙලෙස පූජා කිරීමද මාහැඟි පිංකමේ තවත් උතුම් සද් ක්‍රියාවක්.

රට පුරා සිටින සැදැහැවත් ඔබ සැමට පෙබරවාරි මස 6 දා සිට 13 වනදා දක්වා රුවන්වැලිසෑරදුන් අභියස පැවැත්වෙන මෙම පිංකම් මාලාවට සුදු වතින් සැරසී,පිං රැස්කර ගැනීම සදහා පැමිණෙන ලෙස සංවිධායක මඩුල්ල සැදැහැ සිතින් ආරාධනා කර සිටිනවා.

file
file

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

3 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

3 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

4 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

4 days ago