file
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
කලක් නේවාසිකව ප්‍රතිකාර ලැබු ඒ මහතා අද සවස් වරුවේ අභාවප්‍රාප්ත වු බවයි කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
1949 ජුනි 26 වැනිදා උපත ලද මජුවන කංකානම්ගේ වික්ටර් අයිවන් මහතා මිය යන විට 76 වැනි වියෙහි පසුවුණා.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වික්ටර් අයිවන් මහතා 1971 අරගලයට සම්බන්ධ වූ අවස්ථාවේ ඔහු හඳුන්වනු ලැබුවේ පොඩි අතුල නමින්.
80 වන දශකයේ අගභාගයේ බිහි වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වන්නේ ද වික්ටර් අයිවන් මහතායි.
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සමාජිකයෙකු වූ ඒ මහතා පසු කලෙක ජනතා විමුක්ති පෙරමුණට සමුදුන් අතර මාක්ස්වාදය වඩා වෙනස් මතයක් දරන්නට වුණා.
සමාජ, ආර්ථීක, දේශපාලන මෙන්ම ක්ෂෙත්‍ර ගණනාවක හසල දැනුමක් තිබු වික්ටර් අයිවන් මහතා එම ක්ෂෙත්‍රයන්ට විශාල බලපෑමක් කළ විචාරකයෙකු වෙනවා.
දේශපාලන විචාරකයෙකු, දේශපාලන ක්‍රියාකාරිකයෙකු, ගත් කතුවරයෙකු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස සිය සලකුණ තැබු වික්ටර් අයිවන් මහතා විසින් රචිත 71 කැරැල්ල, නොනිමි අරගලය, චෞර රැජින වැනි කෘතීන් සමාජ සන්දර්භය පිළිබඳ ඒ මහතා තුළ වූ පුළුල් කියවීම මොනවට පසක් කරවිය.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…