file
සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කිරීමට කිසිදු නීතිමය අවසරයක් නැති බවත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් රජය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ජනවාරි 8 වන දින පැවති පාර්ලිමේන්තු සභා වාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
ගෙවී ගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් සංඛ්‍යාව 25,514 යි. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ඊශ්‍රායල් ජාතිකයන් ලෙස පැමිණීම සටහන් වන නමුත් සන්නද්ධ හමුදා ලෙස වර්ගීකරණයකින් යුතුව තොරතුරු වාර්තා නොවන බැවින් කිසිම කෙනෙක් පිළිබඳ මෙහෙම වර්ගීකරණයක් සිද්ධ වෙන්නේ නෑ. සංචාරක වීසා මත මේ රටට පැමිණ ව්‍යාපාර කටයුතු කිරීමට නීතිමය කිසිම ඉඩක් නෑ. නමුත් අපිට ආරංචි වෙලා තිබෙනවා ඊශ්‍රායල් ජාතිකයන් විතරක් නෙවෙයි, විවිධ රටවල් වලින් සංචාරකයන් හැටියට මෙහි පැමිණ ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා. ඒක ප්‍රශ්නයක් හැටියට අපි හඳුනාගෙන තියෙනවා ඒකට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඒවා නතර කිරීමට වැඩපිළිවෙලක් යොදමින් යන්නේ. ශ්‍රී ලංකාවට පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයන් ඇතුළු සංචාරකයින් සඳහා ව්‍යාපාර කර්මාන්ත ආරම්භ කිරීම වැනි ආයෝජන ව්‍යාපෘති සඳහා වීසා බලපත් නිකුත් කිරීම රජය විසින් කරන්නේ නැහැ. 2020 වර්ෂයේ සිට මේ දක්වා බලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන් පොලිස් ස්ථානයකින් හෝ අනෙකුත් ක්‍රියාකාරී කොට්ඨාසවලින් රඳවාගෙන නැහැ. වීසා නැති එක් ඊශ්‍රායල් ජාතිකයෙක් පොලිස් රැඳවුම් භාරාය් සිටිනවා. අපිට මේ රටෙි ඉන්න සංචාරකයින් ආරක්ෂා කර ගැනීමේ වගකීමක් තිබෙනවා. විශේෂයෙන් අරුගම්බේ සිද්ධියත් එක්ක ලැබුණු බුද්ධි තොරතුරු අනුව එම ප්‍රදේශයට ආරක්ෂාව සැපයීමක් සිදුකළ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
:අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…