file
සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කිරීමට කිසිදු නීතිමය අවසරයක් නැති බවත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් රජය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ජනවාරි 8 වන දින පැවති පාර්ලිමේන්තු සභා වාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
ගෙවී ගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් සංඛ්‍යාව 25,514 යි. ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ඊශ්‍රායල් ජාතිකයන් ලෙස පැමිණීම සටහන් වන නමුත් සන්නද්ධ හමුදා ලෙස වර්ගීකරණයකින් යුතුව තොරතුරු වාර්තා නොවන බැවින් කිසිම කෙනෙක් පිළිබඳ මෙහෙම වර්ගීකරණයක් සිද්ධ වෙන්නේ නෑ. සංචාරක වීසා මත මේ රටට පැමිණ ව්‍යාපාර කටයුතු කිරීමට නීතිමය කිසිම ඉඩක් නෑ. නමුත් අපිට ආරංචි වෙලා තිබෙනවා ඊශ්‍රායල් ජාතිකයන් විතරක් නෙවෙයි, විවිධ රටවල් වලින් සංචාරකයන් හැටියට මෙහි පැමිණ ව්‍යාපාර කටයුතුවල යෙදෙනවා. ඒක ප්‍රශ්නයක් හැටියට අපි හඳුනාගෙන තියෙනවා ඒකට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඒවා නතර කිරීමට වැඩපිළිවෙලක් යොදමින් යන්නේ. ශ්‍රී ලංකාවට පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයන් ඇතුළු සංචාරකයින් සඳහා ව්‍යාපාර කර්මාන්ත ආරම්භ කිරීම වැනි ආයෝජන ව්‍යාපෘති සඳහා වීසා බලපත් නිකුත් කිරීම රජය විසින් කරන්නේ නැහැ. 2020 වර්ෂයේ සිට මේ දක්වා බලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන් පොලිස් ස්ථානයකින් හෝ අනෙකුත් ක්‍රියාකාරී කොට්ඨාසවලින් රඳවාගෙන නැහැ. වීසා නැති එක් ඊශ්‍රායල් ජාතිකයෙක් පොලිස් රැඳවුම් භාරාය් සිටිනවා. අපිට මේ රටෙි ඉන්න සංචාරකයින් ආරක්ෂා කර ගැනීමේ වගකීමක් තිබෙනවා. විශේෂයෙන් අරුගම්බේ සිද්ධියත් එක්ක ලැබුණු බුද්ධි තොරතුරු අනුව එම ප්‍රදේශයට ආරක්ෂාව සැපයීමක් සිදුකළ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
:අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…