file
පහුගිය මාස කීපය තුළ රාජ්‍ය සේවකයින් ලබා දුන්න සහයෝගයට ස්තූතිවන්ත වන බවත්, නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹී clean Sri lanka වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා,
ජනතාව බලාපොරොත්තු වන වෙනස රට තුළ ඇති කිරීම සඳහා අපිට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. වගකීම් යුතුකම් පිළිබඳ පෙරට වඩා අවධානයෙන්, වගකීමෙන් ජනතා බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා කටයුතු කරන්න. අපේ හැසිරීම, වැඩ කරන ස්වභාවය සහ සියලුම ආකාරය වෙනස් වීමක් ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයින් පෙළ ගැසෙන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසී ය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් වරුන්, සහකාර ලේකම්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලු නිලධාරීන් එක් විය.
:අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…