දේශීය

මන්ත්‍රී ගජේන්ද්‍රගේ ජීප් රියේ ගැටී කතක් මරුට

සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා ගමන් කරමින් තිබුණු ජීප් රථයේ ගැටී වෙන්නප්පුවේදී කාන්තාවක් මියගොස් ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (08) අලුයම් කාලයේදී කොළඹ-පුත්තලම මාර්ගයේ බෝලවත්ත ප්‍රදේශයේදී බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි. පදික මාරුව හරහා ගමන් කරමින් සිටි කාන්තාවක් මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත. අධික වේගයෙන් පැමිණි ජීප් රථයේ ගැටුණු කාන්තාව අඩි 12ක් පමණ විසි වී ගොස් ඇතැයි වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශය පවසයි.

මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාව තහවුරු වී නැත. ඇය වයස අවුරුදු 65ක් 70ක් පමණ වන යාචක තැනැත්තියක් බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි. ඇය මියගොස් ඇත්තේ මාරවිල රෝහලට ගෙන යන අවස්ථාවේ දී බව ද පොලීසිය කියයි. කොළඹ සිට යාපනය බලා මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවූ ජීප් රථය ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාට අයත් පුද්ගලික ජීප් රථයක් බව පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. හුන්නස්ගිරියේ පදිංචිකරුවෙක් වන ඔහු 60 හැවිරිදි වියේ පසුවන්නෙකි. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකාර රියැදුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිය බව පොලීසිය සඳහන් කළේය. මෝටර් රථවාහන පරීක්ෂක විසින් පරීක්ෂා කරන තුරු ජීප් රථය පොලිස් භාරයේ ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ, මිහිර විජේසේකර – මාරවිල සමූහ, පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

:දිනමිණ

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

11 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

11 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago