file
සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා ගමන් කරමින් තිබුණු ජීප් රථයේ ගැටී වෙන්නප්පුවේදී කාන්තාවක් මියගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (08) අලුයම් කාලයේදී කොළඹ-පුත්තලම මාර්ගයේ බෝලවත්ත ප්‍රදේශයේදී බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි. පදික මාරුව හරහා ගමන් කරමින් සිටි කාන්තාවක් මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත. අධික වේගයෙන් පැමිණි ජීප් රථයේ ගැටුණු කාන්තාව අඩි 12ක් පමණ විසි වී ගොස් ඇතැයි වෙන්නප්පුව පොලීසියේ රථවාහන අංශය පවසයි.
මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාව තහවුරු වී නැත. ඇය වයස අවුරුදු 65ක් 70ක් පමණ වන යාචක තැනැත්තියක් බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි. ඇය මියගොස් ඇත්තේ මාරවිල රෝහලට ගෙන යන අවස්ථාවේ දී බව ද පොලීසිය කියයි. කොළඹ සිට යාපනය බලා මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවූ ජීප් රථය ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාට අයත් පුද්ගලික ජීප් රථයක් බව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. හුන්නස්ගිරියේ පදිංචිකරුවෙක් වන ඔහු 60 හැවිරිදි වියේ පසුවන්නෙකි. මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකාර රියැදුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිය බව පොලීසිය සඳහන් කළේය. මෝටර් රථවාහන පරීක්ෂක විසින් පරීක්ෂා කරන තුරු ජීප් රථය පොලිස් භාරයේ ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගයාන් කුමාර වීරසිංහ, මිහිර විජේසේකර – මාරවිල සමූහ, පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ
:දිනමිණ
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…