දේශීය

ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩමුළුවක් කොළඹදී

ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන්, විද්වතුන් සහ පාර්ශ්වකරුවන් එක්කර ගනිමින් “ප්‍රතිසංස්කරණ සඳහා මාවතක්: ​​ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති පිළිබඳ විමර්ශනය කිරීම” යන මැයෙන් කාලීන වැඩමුළුවක් පසුගිය නොවැම්බර් 28 වැනිදා කොළඹ මැන්ඩරිනා හෝටලයේදී පැවැත්විණි.

මාධ්‍ය නීති සංසදය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව, වෛරී ප්‍රකාශ සමාජයෙන් තුරන් කිරීම පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ අර්ථවත් සංවාදයක් සහ සහයෝගීතාවයක් ඇති කිරීම අරමුණු කරගනු ලැබීය.

වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, UNESCO හි නව දිල්ලි කාර්යාලයේ සන්නිවේදන සහ තොරතුරු පිළිබඳ උපදේශක, Hezekiel Dlamini විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.

මෙම වැඩමුළුවට ඉදිරිපත් කළ යෝජිත වෛරී කථන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ලේඛනය පිළිබඳ පුළුල් සමාලෝචනයක් ලබාදුන් අතර, ඵලදායී මාධ්‍ය ප්‍රතිපත්ති මුලපිරීම් හරහා වෛරී කථනයට එරෙහිව යුනෙස්කෝවේ ප්‍රයත්නයන් ඉස්මතු කරමින් ගෝලීය අත්දැකීම් බෙදාහදා ගත්තේය.

අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය තුසිත අබේසේකර විසින් සංසන්දනාත්මක වෛරී ප්‍රකාශන නීති සම්පාදනය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කරන ලදී.

මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතිඥ විරංජන හේරත් විසින් මෙහෙයවන ලද සංවාද මණ්ඩපයක් ද මෙම අවස්ථාවට ඇතුළත් විය.

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

3 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

3 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

4 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

4 days ago