සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (15) පැවැත්වෙනවා.
ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් මේ වන විටත් තරගාවලියේ ඉදිරියෙන් පසුවෙනවා.