දේශීය

රටවල් රැසකින් අගමැතිනියට සුභ පැතුම්!

ආචාර්ය හරිනි අමරසූරිය නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වීම සම්බන්ධයෙන් රටවල් රැසක තානාපතිවරුන් ඊයේ (2024.10.02) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය සුභ පැතුම් එක් කළේය.

ඉන්දියාව, ජපානය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කොරියාව, බංගලාදේශය සහ මාලදිවයින යන රාජ්‍යයන් නියෝජනය කරන තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් මෙසේ සිය සුභ පැතුම් එක් කළේය.

අග්‍රාමාත්‍යතුමිය සහ ඉන්දියානු මහා කොමසාරිස් සන්තෝෂ් ජා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මහත්මා ගාන්ධි ජන්ම දින සැමරුමට එක් වූ අතර මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් සිදු කෙරිණි.

අනතරුව අග්‍රාමාත්‍යතුමිය සහ ඉන්දියානු මහා කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳවත්, ඉදිරි සංවර්ධනයන් වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් වලට එළැඹිම පිළිබඳවත් අවධානය යොමු කෙරිණ.

මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි (Mizukoshi Hideaki) මහතා ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත සිය සුබපැතුම් එක් කළේය.

ශ්‍රී ලංකාවේ පසුගිය සාමකාමී මැතිවරණය පිළිබඳවත්, ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය. මීට අමතරව ජපන් රජයේ අරමුදල් සපයන රූපවාහිනී විකාශන ඩිජිටල්කරණය කිරීම, ජපානයේ ප්‍රදාන සහ ණය ආධාර මත සිදු කරන එහෙත් දැනට ඇනහිට ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ආයෝජකයින්ගේ විශ්වාසය ඇතිවන පරිදි විනිවිධභාවයෙන් කටයුතු කිරීම ඇතුළු කාරණා මෙහිදී සාකච්ඡා විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සුභ පැතුම් එක් කළ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා රටේ ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමේ වැදගත්කම, ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම, මෙන්ම ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ අධ්‍යාපනික වැඩසටහන් සඳහා බ්‍රිතාන්‍යයේ සහාය ලබා දෙන බව අවධාරණය කළේය. ලංකාවේ අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රගතිය සඳහා පවතින ක්‍රියා පටිපාටි විධිමත් කිරීමේ අවශ්‍යතාව පවතින බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය. එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා වන සූදානම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.

සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම සහ සුමට බල හුවමාරුවක් සහතික කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවට ප්‍රශංසා කරන බවත්, දෙරට අතර හවුල්කාරිත්වය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදයේ සහය ඉදිරියටත් ලබා දීමට සූදානම් බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලි චංග් මහත්මිය සිය උණුසුම් සුබ පැතුම් පිරිණමමින් පැවසුවාය.

අධ්‍යාපනය, කාන්තා සවිබල ගැන්වීම, ළමා සෞඛ්‍යය, ස්වදේශිකයන් සඳහා බහුභාෂා සංවර්ධන වැඩසටහන් ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සහ ගෘහස්ථ සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය යන කරුණු කෙරෙහි දෙරටේ අවධානය යොමු විය. ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ආර්ථික විනිවිදභාවය සහ වගවීම ස්ථාපිත කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. මීට අමතරව, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා බදු එකතු කිරීමේ ක්‍රම විධිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා විය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත කොරියානු රජයේ සුභ පැතුම් පිරිණැමූ කොරියානු ජනරජයේ තානාපතිනී මියොන් ලී මහත්මිය සහ අග්‍රාමාත්‍යතුමිය දෙරටේ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාව තුළ වඩාත් ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව ද සාකච්ඡාවේ දී අවධානය යොමු විය. තනි කවුළු ක්‍රියාවලියක් (Single window process) ක්‍රියාත්මක කිරීම, ක්‍රියා පටිපාටි සරල කිරීම, විනිවිදභාවය සහතික කිරීම සහ හිතකර ආයෝජන වාතාවරණයක් නිර්මාණය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මේ අතර ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිණැමීය. දෙරටේ වත්මන් තත්ත්වයන් සහ මෑතකාලීන සිදුවීම්වලින් උගත් වටිනා පාඩම් පිළිබඳවත්, වත්මන් අභියෝගවලට මුහුණ දීම සඳහා අතීත අත්දැකීම් උකහා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කළාය. යහපාලනයේ ස්ථාවරභාවය සඳහා ස්වාධීන කොමිෂන් සභාවක කාර්යභාරය පිළිබදව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියාය.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සිය උණුසුම් සුබපැතුම් පළ කළේය. මාලදිවයිනේ පුරවැසියන් මුහුණ දෙන වීසා අභියෝග පිළිබඳව අවධානය යොමු කළ මහ කොමසාරිස්වරයා මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීමට කැමැත්ත පළ කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය මාලදිවයින විසින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව කෘතඥතාව පළ කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ ඉන්දියාව, ජපානය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කොරියාව, බංගලාදේශය සහ මාලදිවයින රාජ්‍යයන් නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

7 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago