file
CCCline1333 අර්බුද නිරාකරණ සහය සේවය මගින් පවත්වනු ලබන බයිකතන් පාපැදි සවාරිය ඊයේ එනම් 2024.09.10 වැනි දින අවසන් විය.
ඒ බෙන්තොට සිට ආරම්භ කර කොළඹ දක්වා කිලෝමීටර් 62ක දුරක් ධාවනය කරමින්.
වසර 14 වැඩි කාලයක් පුරා සියදිවි හානි වළක්වා ගැනීම සහ මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වසරේ දින 365 ම පැය 24 පුරාවට භාෂා ත්‍රිත්වයෙන් ගාස්තු රහිතව ක්‍රියාත්මක වන CCCline1333 දුරකථන අර්බුද නිරාකරන සේවය මගින් ශ්‍රී ලාංකීය සමාජය දැනුවත් කිරීම සඳහා වසරකට වරක් පවත්වන කිලෝමීටර් 1333ක දැනුවත් කිරීමේ පාපැදි සවාරිය ඉකුත් අගෝස්තු මස 29 වැනිදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා දින දහතුනක් පුරාවට එකොළොස්වන වරටත් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් සමඟ අථිසාර්ථකව පැවැත්විණ.
සැප්තැම්බර් මස 10 වැනිදාට යෙදෙන ලෝක සියදිවි හානි කර ගැනීම් අවම කිරීමේ දිනය නිමිතිකොට ගෙන රොටරි සමාජය සහ CCCline1333 අර්බුද නිරාකරන සහය සේවය එක්ව සංවිධානය කෙරුණු ” අපි කතා කරමු ඇවිදිමු “ යන පාගමන ඊයේ පස්වරුවේ ගාලු මුවදුරු පිටියෙන් ආරම්භ වී නිදහස් චතුරස්‍රය දක්වා ජීවිතයක වටිනාකම ප්‍රකාශ කිරීම සහ සමාජයේ දැනුවත් කිරීම සඳහා සිදුකෙරින.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…