දේශීය

පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව මනුෂගෙන් නීතිමය පියවර

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන තිබේ.

ඒ අනුව පළමු පියවර ලෙස අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කළ ආනන්ද සාගර හිමියන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා මනුෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් ආනන්ද සාගර හිමියන් වෙත එන්තරවාසියක් යොමු කර ඇත.

අද (04) උදෑසන මනුෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් මෙම එන්තරවාසිය යවා ඇත.

හිටපු අමාත්‍යවරයාගේ ඥාතියෙකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සදහා පුද්ගලයින් යොමු කර ඇති බවටත්, ඒ මගින් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ආනන්දසාගර හිමියන් කර ඇති ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බවද මනුෂ නානායක්කාර මහතා සිය නීතිඥයින් මගින් යොමු කරන ලද එන්නතරවාසියේ දැක්වේ. මනුෂ නානායක්කාර මහතාගේ නම අවස්ථා කිහිපයකදීම සදහන් කරමින් චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් ආනන්ද සාගර හිමියන් විසින් ප්‍රකාශ නිකුත් කර ති්බන බවද එන්තරවාසියේ සදහන් වේ.

මෙසේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් මිලියන පන්සියකක වන්දිය දින 14ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසත්, එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරා වන්දි මුදල, ඊට අදාල ආලාභ සහ නඩු ගාස්තු අය කරගැනීමට කටයතු කරන බවද මනුෂ නානායක්කාර මහතා සිය නීතීඥයින් මගින් යොමු කළ එන්තරවාසියේ වැඩිදුරටත් සදහන් වේ.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

5 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago