දේශීය

ජනාධිපති වෙන්න හදන අයගේ වත්කම් මෙන්න

ජනාධිපති අපේක්ෂකයන් 39 දෙනාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ එම අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ එහෙත් හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙක් වත්කම් බැරකම් තොරතුරු වශයෙන්.

ඒ අනුව එම වත්කම් බැරකම් තොරතුරු දිවයින වෙබ් පිටුව මෙසේ වාර්තා කර තිබුණා..

රනිල්ගේ වැටුප විතරක් රු.97,500යි.

සජිත්ට රු.2,95,681ක දීමනා,

අනුරට රු.2,02,517ක එකතුවක්,

නාමල්ට රු.4,54,285ක්

වැටුප් දීමනාවලට අමතරව විජයදාසට ලක්‍ෂ 13ක ආදායමක්

රොෂාන් රණසිංහට ලක්‍ෂ 30ක විදෙස් වැටුපක්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 39දෙනා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

දූෂණ විරෝධී පනතේ 88 (1) උප වගන්තියට අනුව අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව සංස්කරණය කරන ලද පිටපත් කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

එම තොරතුරු අනුව ප්‍රධාන අපේක්ෂකයන් කිහිපදෙනකුගේ වත්කම් කිහිපයක් මෙසේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැටුප ලෙස රුපියල් අනූ හත් දහස් පන්සියයක් (97,500)ක්ද පරිහරණය කරන වාහන ලෙස බෙන්ස් රථ දෙකක් සහ ජීප් රථයක් සඳහන් කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දීමනා ලෙස රුපියල් දෙලක්‍ෂ අනූපන්දහස් හයසිය අසූ එකයි ශත දාහතරක් (295,681.14ක්) සඳහන් කර ඇත. පරිහරණය කරන වාහන ලෙස ඩබල් කැබ් රථ දෙකක් ප්‍රාඩෝ ජීප් රථයක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් සඳහන් කර තිබේ.

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාගේ මාසික වැටුප සහ දීමනාවල එකතුව රුපියල් 202,517.34ක් සඳහන් කර ඇත.

භාවිත කරන වාහනය ලෙස ටොයොටා හයිලැක්ස් ඩබල් කැබ් රථයක් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් හාර ලක්‍ෂ පනස් හතර දහස් දෙසිය අසූ පහක් (454,285)ක් සඳහන් කර ඇත.

පරිහරණය කරන මෝටර් රථ ලෙස ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් දක්වා තිබේ. හිටපු ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගේ මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් දෙලක්‍ෂ අසූදහස් (280,000) දක්වා ඇත. ලෝටස් හෝල්ඩිං සමාගම් අධ්‍යක්ෂ ලෙස මාසික දීමනාවල එකතුව ලෙස රුපියල් දහතුන් ලක්‍ෂ හතළිස් පන් දහසය (1,345,000ක්) සඳහන් කර ඇත. භාවිත කරන වාහන ලෙස ටොයොටා වී8 එකක් ලෙස දක්වා තිබේ.

ජනක රත්නායක මහතාගේ මාසික වැටුප ලෙස රුපියල් දෙලක්‍ෂ පනස් දහස් 2,50,000ක් ද භාවිත කරන වාහන ලෙස පෝර්ඩ් ජීප් රථයක් සහ බෙන්ස් මෝටර් රථයක් සඳහන් කර ඇත.

සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ලෙස රුපියල් පනස් හතර දහස් දෙසිය අසූ පහක් (54,285) සහ දීමනා ලෙස රුපියල් දෙලක්‍ෂ හැට තුන් දහස් පන්සියයක් (263,500) සඳහන් කර තිබේ. පරිහරණය කරන වාහනය ලෙස ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථය දක්වා ඇත.

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මන්ත්‍රී වැටුප ලෙස රුපියල් හැට පන්දහසක්ද, දීමනා ලෙස රුපියල් තුන් ලක්‍ෂ හතළිස් දහසක්ද ව්‍යාපාරික වැටුප ලෙස රුපියල් ලක්‍ෂ පහක් ද (500,000), ජපානයේ විදේශ වැටුප ලෙස රුපියල් ලක්‍ෂ තිහක්ද සඳහන් කර ඇත. භාවිත කරන වාහනය ලෙස මස්ට්ටෑන්ග් මෝටර් රථය දක්වා ඇත.

දිලිත් ජයවීර මහතාගේ මාසික දීමනා ලෙස රුපියල් එක් කෝටි හැට පන් ලක්‍ෂයක් (16,500,000) ලෙස සඳහන් කර ඇත. භාවිත කරන වාහනය සඳහන් කර නැත.

:උපාලි ද සේරම් (දිවයින)

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

15 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

15 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago