දේශීය

ඒඩ්ස් ව්‍යාප්තිය සියයට 300කින් ඉහළට.. ළමයි පනහකටත් ඒඩ්ස්. – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

2018 වසර වන විට ජනගහනයෙන් මිලියනයකට ඒඩ්ස් රෝගීන් 0.03 ක් පමණ හඳුනා ගැනීමට සමත් වූ අතර මේ වන විට එම අගය දශම එක දක්වා එනම් සියයට තුන්සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මේ වන විට දිවයින පුරා ඒඩ්ස් රෝගීන් තුන්දාස් පන්සීයක් පමණ හඳුනාගෙන ඇති අතර එයට අමතරව ළමුන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඒඩ්ස් රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ නවතම දත්ත උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කරයි.

රෝගීන් හඳුනා ගන්නා ප්‍රතිශතය අනුව අවම වශයෙන් ශ්‍රී ලංකාව තුළ රෝගී පන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිටිය යුතුවන අතර මේ අනුව සායන වලට නොපැමිණි මේ දක්වා හඳුනා නොගත් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

දැනට හඳුනාගෙන සිටින රෝගීන්ගෙන් සියයට අසූ එකකට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ඉදිරි කාලයේදී රෝගී තත්ත්වය ව්‍යාප්තිය වැඩි වීමක් සිදුවිය හැකි බැවින් මේ සම්බන්ධව ජනතාව දැනුවත්ව සිටින ඉතා වැදගත් බවද ඒ මහතා සඳහන් කරයි.

කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික ආශ්‍රිතව වැඩිම එඩ්ස් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන අතර වාර්ෂිකව නවක ඒඩ්ස් රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණය හත්සීයකට අසන්න බව සඳහන් වෙයි.

සමලිංගික සබඳතා, ලිංගික ශ්‍රමිකයන් සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයින් අතර රෝග ව්‍යාප්තිය බහුල වන අතර පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව හඳුනාගෙන ඇත.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago