දේශීය

ඒඩ්ස් ව්‍යාප්තිය සියයට 300කින් ඉහළට.. ළමයි පනහකටත් ඒඩ්ස්. – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

2018 වසර වන විට ජනගහනයෙන් මිලියනයකට ඒඩ්ස් රෝගීන් 0.03 ක් පමණ හඳුනා ගැනීමට සමත් වූ අතර මේ වන විට එම අගය දශම එක දක්වා එනම් සියයට තුන්සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මේ වන විට දිවයින පුරා ඒඩ්ස් රෝගීන් තුන්දාස් පන්සීයක් පමණ හඳුනාගෙන ඇති අතර එයට අමතරව ළමුන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඒඩ්ස් රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ නවතම දත්ත උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කරයි.

රෝගීන් හඳුනා ගන්නා ප්‍රතිශතය අනුව අවම වශයෙන් ශ්‍රී ලංකාව තුළ රෝගී පන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිටිය යුතුවන අතර මේ අනුව සායන වලට නොපැමිණි මේ දක්වා හඳුනා නොගත් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

දැනට හඳුනාගෙන සිටින රෝගීන්ගෙන් සියයට අසූ එකකට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ඉදිරි කාලයේදී රෝගී තත්ත්වය ව්‍යාප්තිය වැඩි වීමක් සිදුවිය හැකි බැවින් මේ සම්බන්ධව ජනතාව දැනුවත්ව සිටින ඉතා වැදගත් බවද ඒ මහතා සඳහන් කරයි.

කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික ආශ්‍රිතව වැඩිම එඩ්ස් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන අතර වාර්ෂිකව නවක ඒඩ්ස් රෝගීන් වාර්තා වීමේ ප්‍රමාණය හත්සීයකට අසන්න බව සඳහන් වෙයි.

සමලිංගික සබඳතා, ලිංගික ශ්‍රමිකයන් සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයින් අතර රෝග ව්‍යාප්තිය බහුල වන අතර පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව හඳුනාගෙන ඇත.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago