දේශීය

පොලිස්පති ගැන තීරණය පිළි නොගතහොත් රට බංග්ලාදේශයක් වීමේ අවදානමක්!

පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළි නොගන්නා තැනට මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය පත් වුවහොත් බංගලාදේශයේ පසුබිමට වඩා අන්ත තත්ත්වයකට රට ඉදිරියේදී තල්ලු වී යා හැකි බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පවසයි.

ඒ අනුව රට තුළ දෙවැනි අරගලයක් සිදු වීම වැළකිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේ පසුගිය 07 වැනිදා කොළඹ ලයිට් හවුස් ගැලිහි පැවති ‘‘ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව 2024‘‘ මාධ්‍ය හමුව අමතමිනි.
ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව 2024 මූලික සංකල්පය වන්නේ ක්‍රම වෙනසක් සඳහා අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන කතිකාවක් සදහා පහසුකම් සැපයීම වේ.

තීරණාත්මක නීති අංශ ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ඉලක්ක කිරීම, මහජනයා අතර යුක්තිය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාව ප්‍රවර්ධනය කිරීම, නීති අංශයේ සාධාරණ සහ ප්‍රතිස්ථාපන භාවිතයන් සම්බන්ධ විශේෂිත ප්‍රතිසංස්කරණ ඉස්මතු කිරීම, යුක්තිය, සාධාරණත්වය සහ පාලනය පිළිබඳ නීතිමය ප්‍රතිසංස්කරණ හදුනාගෙන ඒවා වෙනුවෙන් පෙනී සිටීම මෙහි අරමුණ වන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජනය ශක්තිමත් කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම, අල්ලස් හා දූෂණ පිළිබඳ නීති ශක්තිමත් කිරීම, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය සම්බන්ධ නීති ශක්තිමත් කිරීම, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය සම්බන්ධ නීති ශකිත්මත් කිරීම අාදී කරුණු ඇතුළත් යෝජනා මාලාවක් සකස් කර එය ක්‍රියාත්මක කිරීම – අනාගතයේ බලයට පත් වන ඕනෑම රජයක වගකීම ලෙස සලකා සියලු දේශපාලන පක්ෂවලට එම යෝජනා මාලාව පිළිගැන්වීමට කටයුතු කරන බව මෙහිදී නීතිඥ උපුල් ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දුනේෂ් ගුණතිලක හා එකී සරසවියේම දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්යය ගාමිණී රත්‍නශ්‍රී ද අදහස් දැක්වීය.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

15 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

15 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago