දේශීය

පොලිස්පති ගැන තීරණය පිළි නොගතහොත් රට බංග්ලාදේශයක් වීමේ අවදානමක්!

පොලිස්පති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළි නොගන්නා තැනට මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය පත් වුවහොත් බංගලාදේශයේ පසුබිමට වඩා අන්ත තත්ත්වයකට රට ඉදිරියේදී තල්ලු වී යා හැකි බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පවසයි.

ඒ අනුව රට තුළ දෙවැනි අරගලයක් සිදු වීම වැළකිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේ පසුගිය 07 වැනිදා කොළඹ ලයිට් හවුස් ගැලිහි පැවති ‘‘ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව 2024‘‘ මාධ්‍ය හමුව අමතමිනි.
ක්‍රමයේ වෙනසක් සඳහා නීති ප්‍රතිසංස්කරණ ජාතික සමුළුව 2024 මූලික සංකල්පය වන්නේ ක්‍රම වෙනසක් සඳහා අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන කතිකාවක් සදහා පහසුකම් සැපයීම වේ.

තීරණාත්මක නීති අංශ ප්‍රතිසංස්කරණය පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය ඉලක්ක කිරීම, මහජනයා අතර යුක්තිය අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කතිකාව ප්‍රවර්ධනය කිරීම, නීති අංශයේ සාධාරණ සහ ප්‍රතිස්ථාපන භාවිතයන් සම්බන්ධ විශේෂිත ප්‍රතිසංස්කරණ ඉස්මතු කිරීම, යුක්තිය, සාධාරණත්වය සහ පාලනය පිළිබඳ නීතිමය ප්‍රතිසංස්කරණ හදුනාගෙන ඒවා වෙනුවෙන් පෙනී සිටීම මෙහි අරමුණ වන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජනය ශක්තිමත් කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම, අල්ලස් හා දූෂණ පිළිබඳ නීති ශක්තිමත් කිරීම, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය සම්බන්ධ නීති ශක්තිමත් කිරීම, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය සම්බන්ධ නීති ශකිත්මත් කිරීම අාදී කරුණු ඇතුළත් යෝජනා මාලාවක් සකස් කර එය ක්‍රියාත්මක කිරීම – අනාගතයේ බලයට පත් වන ඕනෑම රජයක වගකීම ලෙස සලකා සියලු දේශපාලන පක්ෂවලට එම යෝජනා මාලාව පිළිගැන්වීමට කටයුතු කරන බව මෙහිදී නීතිඥ උපුල් ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දුනේෂ් ගුණතිලක හා එකී සරසවියේම දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්යය ගාමිණී රත්‍නශ්‍රී ද අදහස් දැක්වීය.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

18 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago