Saturday, October 18, 2025
Homeදේශීයරියදුරුට නින්දයෑමෙන් ලොරි රථයක් මහ පාරේ පෙරළෙයි: දෙදෙනෙකු රෝහලට

රියදුරුට නින්දයෑමෙන් ලොරි රථයක් මහ පාරේ පෙරළෙයි: දෙදෙනෙකු රෝහලට

අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ අනුරාධපුර දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් හොරොව්පතාන යාංඹය පාලම මත රියදුරාට නින්ද යාම සමග රථය පාලනයෙන් ගිලිහීගොස් පාලමේ ආරක්ෂිත වැටේ ගැටී මාර්ගයේ පෙරලීයෑමෙන් ඊයේ (13) උදෑසන අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු හොරොව්පතාන ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කෙරුණා.

ඉන් එක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට මාරුකර යවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

අනතුර හේතුවෙන් එම වාහනයට දැඩි හානී සිදුව ඇති අතර අනතුර සිදුවු අවස්ථාවේ වාහනය තුල සිවු දෙනෙකු සිට තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ එකම පවුලේ හතරදෙනෙකුගෙන් යුත් පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලික කටයුත්තක් සඳහා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

READ:   දුම්රියක ගැටී සරසවි සිසුවෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්