Tuesday, September 8, 2026
Homeදේශීයඅතුරුගිරියේ වෙඩික්කරුවන් පළා යෑමට භාවිත කළ බව කියන වෑන් රථය හමුවෙයි

අතුරුගිරියේ වෙඩික්කරුවන් පළා යෑමට භාවිත කළ බව කියන වෑන් රථය හමුවෙයි

අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදා ගත් බව කියන වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී තිබෙනවා.

119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව බුලත්සිංහල, අයගම,දෙල්මෑල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී වැන් රථය සොයා ගෙන තිබෙනවා.

ඊයේ (08) උදෑසන 10ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ දී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත නහොත් ක්ලබ් වසන්ත සහ 38 හැවිරිදි අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ.සුජීවා තුවාල ලැබූ අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ද තුවාල ලැබුවා.

READ:   පන්දහසේ සහනයට අමතරව ලැබෙන තවත් සහන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්