Categories: දේශීය

ජනාධිපතිවරයා බාර නොගත්තා නම් අපේ රටත්පාර්ලිමේන්තුව ගිනි තියපු කෙන්යාවක් බවට පත් වෙලා-කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

‘එක මිටට’ නමින් රැල්ලට බෝ වුණ නිශේධාත්මක රැලි කඩා වැටී අවසන් බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර නොගත්තේ නම් පාර්ලිමේන්තුව ගිනි තැබූ කෙන්යාවක් බවට ශ්‍රී ලංකාවද පත් වීමට ඉඩ තිබූ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (06) මාතරදී පැවසීය.
හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ දෙදින වැඩසටහනේ ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තමන් කටයුතු කරන පක්ෂයට වඩා වැදගත් වෙන්නේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීම බවත් රට යා යුතු නිවැරදි තැන සිතා තීන්දු ගැනීම කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
“කණ්ඩායමක් මේක බාරගන්න බෑ කියලා පළා යද්දි කණ්ඩායමක් බාරගෙන රට ඉස්සරහට ගෙනිච්චා. රටේ මිනිස්සුත් බලාපොරොත්තු තියාගෙන, දුක් විඳගෙන, කැපවීම් කරගෙන ඒක ඉවසා දරාගෙන හිටියා. බිංගෙය කොනෙන් කවදහරි ලයිට් එකක් පෙනෙනකල් අපේ මිනිසුන් කැපවීම් කරමින් බලාගෙන හිටියා. එහෙම වෙද්දි අපේ විදේශගත ශ්‍රමිකයන්ට ඩොලර් එවන්න එපා කියලා තව කට්ටියක් රට වට්ටන්න කියලා කිව්වා. ඒ වෙලාවේ අපි ඉල්ලීම් කරලා විදේද්ශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 12ක් රටට ගෙනාවා.” අමාත්‍යවරයා පැවසීය.
“කොරියාව ජපානය ඉස්සරහට යද්දි ඔවුන්ගේ ප්‍රධානම සාධකය වුණේ ශ්‍රම බලකාය. අද අපි ලෝකයේ ඉතා පහළම තැනක ශ්‍රම ඵලදායීතාව අතින් ඉන්නේ. නූතන තාක්ෂණය එක්ක යන හැකියාව අතිනුත් එහෙමයි. නමුත්, ශූර බුද්ධිය, දෙයක් අල්ලාගැනීමේ හැකියාව අපට තියෙනවා. අලුත් වැඩ ලෝකයට ගැලපෙන පරිදි ශ්‍රමිකයා හදන්න නම් අපිත්, අපේ අම්මලා තාත්තලත්, ඔබලාත්, හෙට අපේ දරුවනුත් ඉගෙන ගන්න අධ්‍යාපන ක්‍රමයෙන් නූතන ලෝකයට ඕන කරන ශ්‍රමිකයා ගොඩ නැගෙන්නේ නෑ. කර්මාන්තශාලා අද ඇරෙනවා. ලෝකයේ රැකියා වෙළඳපොළ විවෘත වෙනවා. අපි ඒකට සුදුසු නෑ. අපි ඊශ්‍රායලයට යවන කණ්ඩායම් එහි ඵලදායිතා මට්ටමට කරගන්න බෑ. කොරියාවේ වෙළඳපොළ ඉල්ලුමට තියෙන සැපයුම දෙන්න අපේ ශ්‍රම බලකායට බෑ. මේක හදන්න නම් ලංකාවේත් එළියේත් ශ්‍රම වෙළඳපොළ ඇතුළට වැඩ්ඩෝ විදිහට ඉස්සරහට යන්න ඔබව ශක්තිමත් කරන්න ඕනේ. ඔබව ශක්තිමත් කරන්න, ප්‍රායෝගික පුහුණුව දෙන්න ඕන වගෙම මානසික ශක්තියත් අවශ්‍ය වෙනවා. ඒකට මුහුණ දෙන්න, සූදානම් කරන්න, ශක්තිමත් කරන්න තමයි ශ්‍රම බලකාය භාර අමාත්‍යාංශය විදිහට අපි ‘ස්මාට් යූත්’ මේ වැඩපිළිවෙළ ආරම්භ කරන්නේ. ජනාධිපතිතුමා අපිට ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා මෙහි ඉන්න වෘත්තීය පුහුණුව ලබන්න කැමති අය, ඒකේ තවදුරටත් යන්න කැමති අයට වෘත්තීය පුහුණුව සඳහා රාජ්‍ය අනුග්‍රහය දෙන්න. ඒ සඳහා ඔබව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපති අරමුදල හරහා ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. එහේ හෝටල් තාක්ෂණය ඉගෙනගන්න කැමති නම් ඔබගේ වියදම් ජනාධිපති අරමුදලෙන් දරන්නත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තීන්දු කරලා තියෙනවා. ඉදිරි දිනවලදී ජනාදිපති ලේකම් කාර්යාලයීය වෙබ් අඩවියේ ඔබට ඒ සඳහා ලියාපදිංචි වීමට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්.
කැප්පෙටිපොළ ජාතික වීරයෙක් වුණේ අවශ්‍ය තැන අවශ්‍ය වෙලාවේ හිටගත්තු නිසා. නමුත්, පස්සේ කාලෙක ඔහු ගත්ත තීන්දු හරි කියලා තමයි ඔහු ජාතික වීරයෙක් බවට පත් වුණේ. මට සමහරු කියනවා මනූෂ නානායක්කාරත් යූඇන්පී එකෙත් ඉන්නවා, ශ්‍රී ලංකා එකෙත් ඉන්නවා, පොදුජන පෙරමුණෙත් ඉන්නවා කියලා. ඒක අදාළ නෑ. අපිට වැදගත් වෙන්නේ අවශ්‍යතාවය මොකක්ද, ඒ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමයි අපිට ඕන වෙන්නේ. අපිට පක්ෂ දේශපාලනය අදාළ නෑ. අපිට ඕන කරන්නේ රට කොතනටද යා යුත්තේ, එතනට තීන්දු තීරණ අරගෙන එකතු වීම විතරයි. අවසානෙදි ඔවුන් ජාතික වීරවරයෝ වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එකතු වුණේ දැන් පොදුජන පෙරමුණත් එක්ක. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට එකතු වුණේ. සම්පූර්ණයෙන්ම විරුද්ධ තැනකට යන්න වුණා. අපි ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, නාමල් රාජපක්ෂට බැනපු, කාංචනත් එක්ක පාර්ලිමේන්තුවේ ගහගත්තේ මේ මම. විපක්ෂයේ හොඳ කථිකයෙක් වෙලා, පාර්ලිමේන්තුවේ කතා කර කර ඉන්න තිබුණ එක පැත්තක තියලා තීන්දුවක් අරගත්තා. රටේ මිනිස්සු වැටිච්ච වෙලාවේ ඒක ගොඩගන්න ඕන කියන තීන්දුව. අපි අවුරුදු දෙකක් ඇතුළත සාර්ථක තත්ත්වයකට ඇවිල්ලා. ඒ තීන්දුව ගන්නකොට ගොඩක් අය මට බැන්නා. තීන්දු අරගෙන අවසාන ප්‍රතිඵලය එනකොට හරි. ඔබගේ ජීවිතවලටත් එහෙමයි. තීන්දුව වෙලාවට සමහර අය විවිධ දේ කියයි. හැබැයි තමන්ගේ ඉල්ලකයට යන්න නම් වටින් පිටින් තියෙන චෝදනා, ගහන ගල්, මඩ සියල්ල අමතක කරලා, තමන්ගේ අරමුණ වෙනුවෙන් ඉලක්කය වෙනුවෙන් තමන් යන්න ඕනේ. අද අපි යන්නෙත් ඒ රට ගොඩ දාන ඉලක්කයට. ඔබගේ ජීවිතයටත් අරමුණක් තියෙනවා නම් වෙන මොන බාධක ආවත් ඉස්සරහට යන්න පුළුවන්.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කියන කොන්තගංතොට කියන්නේ පාර්ලිමේන්තුව තියෙන තැනට. එතනින් පියාසර කරන සැලලිහිණියාට හාමුදුරුවන් කියනාවා දකින කිසි දෙයක් නෙවේ ඔබට දුන්න ඉලක්කයට යන්න නරක – හොඳ කුමක් දැක්කත් කියලා. ‘නෙගටිව්’ දේ (නිශේධාත්මක දේ) නොබලා ඉස්සරහට යන්න කියන එකයි මෙයිනුත් කියන්නේ.
රටේ පහුගිය දවස්වල තෙල්, ගෑස්, බෙහෙත් නැති වුණා. පෝලිම්වල මිනිස්සු මැරුණා. එහෙම වුණාම මිනිස්සු රට දාලා ගියා. තරුණයො කල්පනා කළා රටින් පැනලා යන්න. අම්මලා තාත්තලා කල්පනා කළා මේ රටේ දරුවන්ට අපිට අධ්‍යාපනය දෙන්න බෑ, අපි පිටරට යන්න ඕනේ කියලා. ඇති හැකි අය ගියා. වෘත්තීය සුදුසුකම් තියෙන අය ගියා. හැබැයි මේ රටේ හැමෝම නෙගටිව් විදිහට හිතාගෙන මේක කරන්නම බෑ කියලා අතෑරලා හිටියා නම්. රනිල් වික්‍රමසිංහ මහත්තයත් බාරගන්න බෑ කියලා, මට තනි මිනිහා මේක බාරගන්න බෑ කියලා ගියා නම් අද අපේ රටට මොකද වෙන්නේ. අපිත් හිතුවා නම් මේ මොකටද මරාලෙකට කරගහන්නේ, අපි අපේ දේශපාලනය කරනවා, විපක්ෂයේ ඉඳලා කෑ ගහලා තව ටිකක් වට්ටනවා කියලා අනිත් අය කළා වගේ හිතුවා නම් මොකද වෙන්නේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාර ගත්තේ නැත්නම් පාර්ලිමේන්තුවත් ගිනි තියලා කෙන්යාවේ පාර්ලිමේන්තුව ගිනි තිබ්බා වගේ තත්ත්වයකට පත් වෙන්න තිබුණ රටක්. හැබැයි ‘පොසිටිව්ව’ (ධනාත්මකව ) කල්පනා කරපු නිසා අපේ අයට රට ගොඩ නගන්න පුළුවන් වුණා. ඒ වගේ පොසිටිව්ව හිතාගෙන හිටපු මිනිස්සු ටිකක් හිටියා මේ රටේ. කට්ටියක් රට දාලා යද්දි රාජ්‍ය නිලධාරීන් ගමේ කන්න නැති මිනිස්සුන්ට ‘කොමියුනිටි කිචන්’ හදලා දුන්නා. ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙද්දී අත්‍යාවශ්‍යම අයව බේරගත්තා. ගමේ අමාරුම පවුල් බලාගන්න වැඩපිළිවෙළක් හැදුවා. අස්වැසුම දුන්නා. හාල් කිලෝ දහයක් දුන්නා. වැටිච්ච අය ගොඩගන්න රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා දැවැන්ත වැඩක් කළා. හැමෝම මේක ගොඩගන්න පුළුවන් කියලා පොසිටිව්ව හිතුවා. කණ්ඩායමක් මේක බාරගන්න බෑ කියලා පළා යද්දි කණ්ඩායමක් බාරගෙන රට ඉස්සරහට ගෙනිච්චා. රටේ මිනිස්සුත් බලාපොරොත්තු තියාගෙන, දුක් විඳගෙන, කැපවීම් කරගෙන ඒක ඉවසා දරාගෙන හිටියා. බිංගෙය කොනෙන් කවදහරි ලයිට් එළියක් පෙනෙනකල් අපේ මිනිසුන් කැපවීම් කරමින් බලාගෙන හිටියා. එහෙම වෙද්දි අපේ විදේශගත ශ්‍රමිකයන්ට ඩොලර් එවන්න එපා, රට වට්ටන්න කියලා තව කට්ටියක් කිව්වා. ඒ වෙලාවේ අපි ඉල්ලීම් කරලා විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 12ක් රටට ගෙනාවා.
බ්‍රෑන්ඩ් එක්ක වැඩ කරද්දි අපි තරුණයෝ විදිහට පරිස්සම් වෙන්න ඕන. ඒ මොකද සමාජ ජාලවල ඔබේ ඇල්ගොරිදම් (අවශ්‍යතා – ආකල්පා තේරුම් අරගෙන අවශ්‍යතා බලාගෙන ඒක ගැන ඔබට තව තොරතුරු එවන්න ගන්නවා. සමාජජාලත් ඒ අයගෙ අරමුණු සමග වැඩ කරනවා. අපේ අවශ්‍යතා වැරදි නම් ඒවම අපිට එවනවා. රට වැටෙනවා කියලා හිතෙනවා දිගටම රට වැටෙනවා කියලා පේන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔබට එකතු වෙන පිරිසත් ඒ අයම වෙනවා. ඒක රැල්ලක් වගේ බෝ වෙනවා. නෙගටිව්ව හිතලා පුරුදු වුණොත් ඒ සමාජ වෛරය රටටත් විනාසයක් කරගන්නවා.
රටේ ණය අර්බුදය ඉවරයි කියලා සුබාරංචියක් එනකොටම ඒ ගැන විවේචනය කරනවා. 2048 දියුණු රටක් කරනවා කිව්වම උන්දලා ඉඳීද කියනවා. රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ගොඩ දාලා කිව්වොත්, වැඩක් නෑ කලිසම හැලෙනවානේ කියනවා. එයා කලිසම හැලුණට රට වැටෙන්න දුන්නේ නෑනේ. අන්න එහෙම නෙගටිව් දේවල් අපේ ජීවිතවලට එනවා. පහුගිය දවස්වල රැල්ලට නෙගටිව් බෝ වුණා. හැබැයි ඒ රැල්ල කඩාගෙන වැටුණා. ‘එක මිටට’ කියලා තිබුණ රැලි දැන් කඩා වැටිලා. රැල්ලට ආව වස බිව්වොත් ජීවිත නැති කරගන්න තමයි වෙන්නේ. 88-89 කාලෙත් තරුණ තරුණියෝ අත්හදාබැලීම් කරන්න ගිහිල්ලා මේ පළාත්වල ගොඩක් දෙනෙකුට ජීවිතවලින් වන්දි ගෙවන්න වුණා.
නිදහස ලැබුණ දා ඉඳලම විවිධ පක්ෂවල විවිධ කතාවලට අපි අහු වුණා. ජාතිවාදයේ ඉඳලා රට එක එක අවස්ථාවලදි මිනිස්සු අහු වුණා.” යැයි අමාත්‍යවරයා පැවසීය.

Recent Posts

ඉන්දියාවේ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි – Cockroach Movement විරෝධතාවලට ජය

ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…

5 hours ago

වසර 150කින් ප්‍රබලතම El Niño? 2026 ගැන විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීමේ ඇත්ත…

ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…

5 hours ago

Used විදුලි මෝටර් රථයක් මිලදී ගන්න හොඳම කාලයද? මෙන්න ලෝකයේ හොදම Used EV 5 අලුත්ම වාර්තාව.

විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…

7 hours ago

Sri Lankan Actor Mahendra Perera Wins Best Actor at Malaysia Golden Global Awards 2026

Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…

19 hours ago

මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට

ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…

19 hours ago

Sri Lankan Educator Bernadine Jayasinghe Honoured with Inspirational Educator Award at the House of Lords, UK Parliament

London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…

22 hours ago