දේශීය

මාස තුනකින් අනුර ආණ්ඩු ගන්නවා නම් දැන් ගුරුවරු පාරට බහින්නේ ඇයි? – ඇමති මනූෂ

කයියනායකලා, ජෝකර්ලා බේරගන්න බෑ කියපු මේ රට, රනිල් වික්‍රමසිංහ මහතා වසර දෙකක් ඇතුළත ආර්ථික බංකොලොත්භාවයෙන් මුදාගැනීමට කටයුතු කරමින් දුක්විදි ජනතාව සුවපත් කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කළ බවත්, ඒ නිසා රට නිවරදි දිශානතියකට රැගෙන ගිය ජනාධිපතිවරයාටම නැවත රට භාර දිය යුතු බවත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති ජන හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

“එක්ව ජයගමු – අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබු මෙම ජන හමුවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

එදා විදේශගත ශ්‍රමිකයන් විසින්, අවුරුද්දකට එවනු ලැබූ ඩොලර් මිලියන 220, වර්තමානය වන විට මාසයකට ඩොලර් මිලියන 700ක් පමණ ඉහළ ගොස් තිබෙනවා. එදා 73%ක්ව පැවති උද්ධමනය අද වන විට තනි ඉලක්කමට ගෙනවිත් තිබෙනවා. රුපියල් 4500/-ක්ව පැවති ගෑස් සිලින්ඩරය අද රුපියල් 2982/-ක් දක්වාත් , එදා රුපියල් 660/-ක් වූ පරිප්පු කිලෝව රුපියල් 360/- දක්වාත් අඩු වී තිබෙනවා .

මේ පසුගිය වසර දෙක තුළ ආණ්ඩුවේ ශේෂ පත්‍රයයි. අද පෝලිම්වල ජනතාව මැරෙන්නෙ නැහැ. එදා බංකොලොත් රටක් වුවත් අද රට බංකොලොත්භාවයෙන් මුදවාගෙන තිබෙනවා. ඒ වගේම අසරණ ජනතාව වෙනුවෙන් අස්වැසුම ලබාදෙමින් ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් උරුමය ලබා දෙමින්, ජනතාව සුවපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශාල මෙහෙයක් කළා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එක එක වේදිකාවල එක එක සිංදු කියන්නේ. අනුර එක සිංදුවක් කියනකොට ටිල්වින් තව සිංදුවක් කියනවා. අනුර කුමාර අද ජෝකර් කෙනෙක් වෙලා. පරණ ජෙප්පොයි අලුත් ජෙප්පොයි සේරම විකට ඇදුම් අදිනවා. ඉංජිනේරුවෝ වගේ ඇදගෙන ඊයේ එකකට යනවා. ඒ අයම විද්‍යාඥයෝ වගේ ඇදගෙන අද තවත් රැස්වීමකට එනවා.

යුද ජයග්‍රහණය කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව එකතු වී සහයෝගය ලබා දුන්නා. අද ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාටත් එවැනි සහයෝගයක් මේ ජනතාවගෙන් ලැබේවි . පසුගිය කාලයේ තිබුණු මැතිවරණ පැවැත්වූයේ ආගම හෝ රට බේරා ගැනීම වෙනුවෙන්. නමුත් මෙවර මැතිවරණය පවත්වන්නේ ඔබ ඔබව බේරා ගැනීම සඳහා යි. මෙවර ඔබ ගන්නා තීරණය වැරදුනොත් ඔබව බේරා ගැනීමට කවුරුවත් ඉදිරිපත් වෙන එකක් නැහැ. ඒ නිසා ආර්ථිකය නිවැරැදි දිශානතියකට ගෙන ගිය රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත රට භාර දෙමු.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago