දේශීය

මිනිසුන් මියැදෙන විට එය වැළකීමේ විප්ලවීය අභියෝගය භාරගත්තේ ජනපති රනිල් පමණයි – ඇමති මනූෂ

රට කඩාගෙන වැටුණු මොහොතේ මිනිසුන් මියැදීම වැළකීමේ විප්ලවීය අභියෝගය භාර ගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මන්ත්‍රී පිරිස වන බවත් මිනිසුන් මියැදෙන දෙස බලමින් රට වට්ටමු, රටට සල්ලි එවන්න එපා යැයි කී කිසිවෙකු සැබෑ විප්ලවවාදීන් නොවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නායාක්කාර මහතා ‘ජයගමු ශ්‍රී ලංකා අම්පාරට’ දෙවැනි දින ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහනට ඊයේ (23) සහභාගි වෙමින් පැවසීය.

අතීතයේ උතුරේත් දකුණේත් තරුණ තරුණියන්ගේ අරමුණු වැරදි දිසාවන්ට යොමු වීමෙන් රට කඩා වැටුණු අතර තරුණ ජවය හරි දිසාවට යොමු කිරීමේ අපේක්ෂාව තමන්ට ඇති බව කී අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

“රටේ ඉස්සරහට යනකොට චේ, ලෙනින්, ලිබරල්වාදය, මාක්ස්වාදය හැමදේම අපි කියවන්න ඕන. එතකොට තමයි හරි දේ අපිට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ. සමහරු ‘දාස් කැපිටාල්’ වගේ දෙයක් කියෙව්වම රතු පාට ඇඳගෙන වෙනස්ම විදිහට හිතනවා. හැබැයි ලෝකේ දකින්න නම් උතුර, දකුණ, නැගෙනහිර, වම දකුණ සියල්ල හොඳට කියවලා ඉන්න ඕන.

චේ කියන්නේ විප්ලවවාදියෙක්. ඒ නිසයි ඔහුව කියවන අදහන තරුණ පරපුරක් ඉන්නේ. විප්ලවවාදියෙකුට තියෙන්න ඕන හොඳම ගුණාංගය මොකක්ද කියලා චේගෙන් මාධ්‍යවේදියෙක් අහනවා. චේ කියනවා ‘ආදරය’ කියලා. විප්ලවවාදියාගේ පිළිතුර ආදරය. ඔහු එහෙම මනසක් තිබුණ පුද්ගලයෙක්. සැබෑ විප්ලවවාදියෙකුට මග පෙන්වන්නේ ආදරයේ උසස් හැඟීම්.

මනුෂ්‍යත්වයේ යුක්තියේ, සත්‍යයේ ආදරණීය හැඟීම්. මේ ගුණාංග නැතිව විප්ලවවාදියෙක් ගොඩනැගෙන්නේ නෑ. විප්ලවවාදියෙකුට කට්ටියට වෙඩි තියන්න වුවත් මොළය හදන්න පුළුවන්. එතකොට ආදරය කියන උසස් හැඟීම කියන්නේ මොකක්ද? ලෝකය වෙනස් කරන්න පුළුවන් සත්‍යය සහ කොන්දේසි විරහිත ආදරයයි. චේ ගුවේරා එහෙම කියනකොට අපේ ගම්වල හැදුනේ තුවක්කු අතට අරන් වෙඩි තියන පිරිසක්. ඒ අයට තමයි අපි ‘චේ ගුවේරා කාරයෝ’ කියලා කිව්වේ ඒ කාලේ.

අපේ රට වැටුනා, කඩාගෙන වැටුනා. රට ආපස්සට ගියා. පෝලිම්වල මිනිස්සු මැරුණා. අපි සැබෑ විප්ලවවාදීන් නම් කරන්න ඕනේ මිනිස්සු මැරෙන එක නවත්තන එක. ඒ අභියෝගය භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමයි. මිනිස්සුන්ගේ වේදනාව, දුක දැකලා අභියෝග භාරගත්තේ. සැබෑ විප්ලවවාදීන් තමයි අභියෝග භාර අරගෙන මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියේ. මිනිස්සු ගැන ආදරේ නැති, මිනිස්සු මැරෙන හැටි බලාගෙන හිටි අය, මිනිස්සු මැරෙද්දි රට වට්ටමු, රටට සල්ලි එවන්න එපා කියපු අය ඇත්තටම විප්ලවාදීන්ද? ඇත්තටම මිනිස්සුන්ට ආදරේද?

2015දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ගීය දෙමළෙන් ගයන තීන්දුව ගද්දි ගොඩක් අය බැන්නා. එහෙම තීරණය කළේ අපේ රට ජයගන්න, රටේ අය අතරේ සහෝදරත්වය හදන්න. එහෙම නොවුණා නම් අපිට අද මෙහෙම සතුටු වෙන්න බෑ. ඒක එදා පුංචි තීන්දුවක් වුණාට අද ලොකු තීන්දුවක් රටේ සමගිය හදන්න. මේ රට නිදහස ලබපු දවසේ ඉඳලම එක එක ඒවා කියලා බිල්ලෝ මවලා, ආපස්සට යැව්වේ මේ රටේ ආර්ථික ඝාතකයෝ.

ඒ අය තමයි ඉස්සරහට යන්න නොදුන්නේ. ඒ ආර්ථික ඝාතකයෝ ඉලෝන් මස්ක්ට කියනවා ආර්ථික ඝාතකයෙක් කියලා. අද අපි ඉතිහාසයෙන් අනාගතයට ඇවිල්ලා, ඉලෝන් මස්ක් වගේ දැනුම ලෝකයක් තියෙන අය මගින් ආයෝජන කර ස්මාට් වැඩ්ඩන් හැටියට තරුණයින් ශක්තිමත් කරන්න තමයි ගමෙන් පටගෙන වෘත්තීය පුහුණුව දෙන්නේ. නැතිව ආර්ථික ඝාතකයෝ කියනව වගේ රට ආපස්සට ගෙනියන්නට නෙවෙයි.” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ, හිටපු අමාත්‍ය දයා ගමගේ, අමාත්‍යාංශ ලේකම් ආර්.පී.ඒ. විමලවීර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

8 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

9 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago