දේශීය

රටට ආදරේ නොකරන අය සුබ ආරංචිය එනවාට බය වෙලා. දැන් භූමිතෙල් ගෑවුන ගැරඩි වගේ හතර අතේ දුවනවා – ඇමති මනුෂ

රටට ජනතාවට ආදරේ නොකර අය, රටට සුබ ආරංචියක් එනවාට බිය වී තිබෙන බවත්, රටට සුබ ආරංචියක් එන බව දැනගත් ඔවුන් භූමිතෙල් ගෑවුණ ගැරඩි වගේ හතර අතේ දිවීමට පටන් ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (24) උදෑසන අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

file

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

file

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉතාමත් කාර්යක්ෂම ආකාරයෙන් කටයුතු කරන ආයතයක්. විදේශ ගත ශ්‍රමිකයින්ගේ මුදල් නීත්‍යානුකූලව රටට ගෙන්වා ගැනීම සදහාත් කාර්යක්ෂමක කටයුතු කළා.

මේ රටට වින කරන, කවදාවත් මේ රට ගොඩ ගන්න ඉඩ දෙන්නේ නැති, මේ ර්ටේ මිනිස්සුන්ට ආදරය කරන්නේ නැති, ජනතාව පෝලිම්වල මැරෙනවාට කැමැති, බෙහෙත් නැතිව මැරෙනවාට කැමැති, පාසල් වහලා තියෙනවාට කැමැති, විදුලිය, කිරිපිටි නැතිවෙනවාට කැමැති අය රටට සල්ලි එවන්න එපා කිව්වා. කවුරුවත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ තමයි මෙහෙම කිව්වේ. ඒත් විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය ඩසර දෙක තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 12ක විතර මුදලක් මේ රටට එවලා තියෙනවා. රටට නැවත හුස්මගන්න පුලුවන් වාතාවරණයක් ඇති කරන්න, ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට ශක්තියක් වුනේ විදේශ ගත ශ්‍රමිකයින්, බලපත්‍රලාභීන් හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි.

විගමණික ශ්‍රමිකයින් ලක්ෂයක් සවිබල ගන්වලා, විගමණික ශ්‍රමිකයින් හරහා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා.

තෙල් නැති, ගෑස් නැතිව තිබුණ රට කෙමෙන් කෙමෙන් ගොඩ එනවා. දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න සමහර අය රට ගොඩ එනවාට කැමැති නෑ. අද රට පුරාම සුබ ආරංචියක් කියලා පෝස්ටර් ගහලා තිබුණා. සමාජ මාධ්‍යවල ගොඩක් අයගේ ඉත්තෑවෝ දුවනවා මන් දැක්කා. ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ වෙලා. මේ ගැන කියන්න මට වචනත් නෑ. කලබල වෙලා. සුබ ආරංචියක් එනවාට මේ අය බයයි. රටට සුබ ආරංචියක් එනකොට අපිට ගොඩ යන්න බැරිවේවිද කියලා තමයි ඒ අය හිතන්නේ. මිනිස්සු අමාරුවේ වැටෙන එක නතරවේවිද කියලා බය වෙලා ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ හතර අතේ දුවන්න අරගෙන තියෙනවා. රටේ මිනිස්සුන්ට ආදරේ නම්, ර්ටේ ජනතාවට ආදරේ නායකයෙක් නම්, රටට සුබ ආරංචියක් එන විට හැමෝම සතුටුවෙන්න ඕන. රටට අසුබ ආරංචිවෙනකම් බලාගෙන හිටපු අයට නම් ඉදිරියේදී අසුබ ආරංචි තමයි එන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටට ආදරේ අයෙක් විදියට, මේ අභියෝගය භාරගත්තා. ර්ටේ මිනිස්සුන්ට ආදරේ නොකරන, තමන්ගේ තනතුරට විතරක් ආදරේ නායකයා එදා අගමැතිකම භාරගන්න කිව්වාම භාරගත්තේ නෑ. රට වටේ කයිය ගහගෙන යන කයිය නායකයාත් එහෙමයි. භාරගන්න කිව්වාම තමන්ගේ තනතුර ගැන විතරක් හිතුවා. රටේ ජනතාවට ආදරරේ කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අගමැතිධූරය භාරගත්තේ රටේ ජනතාවට ආදරේ නිසා. අද රට හරි තැනට,යළි නොවැටෙන රටක් බවට පත් කිරීම ගැන එතුමාට රටක්, ජාතියක් ලෙස කෘතඥ විය යුතුයි.

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ආණ්ඩුකාර එම්.මුසම්මිල්, පාර්ලිමෙින්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක, හිටපු අමාත්‍ය සුමේධා ජී. ජයසේන, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

file

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

2 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

4 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

4 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

6 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

6 days ago