Wednesday, July 22, 2026
Homeදේශීයපොසොන් සතිය අදින් ඇරඹෙයි

පොසොන් සතිය අදින් ඇරඹෙයි

ලබන 24 දක්වා ක්‍රියාත්මක පොසොන් සතිය (18) අදින් ආරම්භ වෙනවා.

මෙවර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය ලබන 21 වනදා දිනයට යෙදී තිබෙනවා.

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් ඊයේ (17) සිට ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම විශේෂ දුම්රියන් අනුරාධපුර සහ මිහින්තලය අතර ක්‍රියාත්මක වෙනවා.

මේ අතර පොසොන් උත්සව වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය පවසනවා.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 4500ක් යෙදවීමට නියමිත බව පොලිසිය සඳහන් කරනවා.

අනුරාධපුර, මිහින්තලය සහ තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් මෙවරත් පොසොන් උත්සවය පැවැත්වීමට නියමිතයි.

READ:   ගෑස් මිල පහතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්