දේශීය

අපේ උතුරට එකක් – දකුණට තව එකක් නෑ. දෙමළ භාෂාව කතා කරන ජනතාව ඉන්න තැන් වලදී දෙමළ භාෂාවෙනුත් ජාතික ගීය ගායනා කරනවා – මනූෂ

උතුරට ගියාම එකක් කියා දකුණට තව දෙයක් නොපවසා දෙමළ භාෂාව කතා කරන ජනතාව සිටින ප්‍රදේශවලට ගිය විට සිංහල – දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කිරීම නිසැකවම සිදු කරන බවත් එසේ කරනු ලබන්නේ මූනිච්චාවට දේශපාලන අරමුණින් නොවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (15) ‘ජයගමු ශ්‍රී ලංකා – හලාවතට’ පුත්තලම් දිස්ත්‍රික් වැඩසටහනට සහභාගි වෙමින් අවධාරණය කළේය.

file

හලාවත ෂර්ලි කොරෙයා ක්‍රීඩාංගනයේ පැවැත්වුණ’ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහනට සහභාගි වූ තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

file

“පුත්තලමේ තරුණ තරුණියන්ට අවස්ථා ඕන තරම් තියෙනවා. ජීවිතේ ගොඩනැගෙන්න. අපිට නැත්තේ ඉලක්කය, අධිෂ්ඨානය. අපි පුරුදු වෙලා ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් උගන්නලා, විශ්ව විද්‍යාලයට ගිහිල්ලා, ආණ්ඩුවෙන් රස්සා දෙනකල් බලන් ඉන්න. තවම නූතන ලෝකයට ගැලපෙන්න අපි සකස් වෙලා නෑ. රට දිනන්න නම් ඔබ දිනන්න ඕනේ. ලංකා සිතියම අඳින කොළයක අනිත් පැත්තේ මූණක් ඇඳලා, කෑලි කෑලිවලට එය ඉරලා ලංකා සිතියම හදන්න බෑ. මූණ පැත්ත හදගත්තොත් ලංකාව හදන්න පුළුවන්.
මම මගෙන්, ජනාධිපතිතුමා ජනාධිපතිතුමාගෙන්, හැම නිලධාරියෙක්ම තමන්ගෙන් පටන්ගත්තා. එහෙම කළොත් විතරයි මේ රට දිනන්න පුළුවන් වෙන්නේ.

file

අද උදේ සිංහලෙන් ජාතික ගීය කියලා ඉවර වෙද්දි දෙමළෙනුත් ජාතික ගීය ගැයුණා. ඔබට එය අමුත්තක් ඇති. බොහෝ විට යාපනය, උතුරු පළාතට, නැගෙනහිර පළාතට ගියාම ජාතික ගීය දෙමළෙන් ගැයෙනවා. මේ පළාතෙත් සියයට 30, 40ක් දෙමළ භාෂාව භාවිතා කරන අය ඉන්නවා. හැබැයි ඔබට බොහෝ විට ඔබේ ජාතිය පිළිබඳ අභිමානයෙන් ජාතික ගීය තමන්ගේ භාෂාවෙන් කියන්න බැරි වුණාම එය ප්‍රශ්නයක්. අපි උතුරට ගියාම එකක්, දකුණට ගියාම එකක් නෑ. අපි උතුර – දකුණ කොහේ ගියත් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක් නම් දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශයක් නම් දෙමළෙනුත් ජාතික ගීය ගායනා කළා. ඒ අපි හැමෝටම ගරු කරන්න ඕන නිසා.

එහෙම නොවුණොත් අපිට ඒ වෙනස හදන්න බෑ. 2015 රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2015 ජාතික ගීය දෙමළෙන් ගයන්න තීරණය කළාම හැමෝම විරුද්ධ වුණා. එතුමට දේශපාලනික ප්‍රශ්නයක් වුණා. ඉන්දියාවේ භාෂා 200ක් තියෙනවා, එහෙම නම් ඒ රට භාෂා දෙසීයෙන්ම ජාතික ගීය ගයන්න ඕන කියලා. නමුත්, අපි ඒ තීන්දුව පටන්ගත්තේ භාෂා ප්‍රශ්නය, අවබෝධය නැතිකම නිසා. අපි රටක් විදිහට බෙදුණේ ඒ නිසා. ඒක නැති කරන්න නම් කොතනින් හරි මේ සංහිඳියාව යථාර්ථයක් වෙන්න ඕනි. සමහර අය නම් උතුරට ගියාම 13 දෙනවා කියනවා. දකුණට ආවම 13 නෑ කියනවා. හැබැයි අපි එකයි කියන්නේ. උතුරට ගියාම දෙමළ – සිංහල භාෂාවලින් ජාතික ගීය ගයනවා. දකුණට ආවමත් දෙමළ – සිංහල භාෂාවෙන් ජාතික ගීය ගයනවා. ඒ අයිතිය අපි රකින්නේ මූනිච්චාවට, බොරුවට, දේශපාලනිකව නෙමෙයි, අපිට පක්ෂ දේශපාලනයක් අදාළ නෑ. අපිට තියෙන්නේ රටක් විතරයි. අපිට පාට, පක්ෂ දේශපාලනය, කුලමල, ආගම් අදාළ නෑ. අපිට තියෙන්නේ මේ රට ගොඩනගන්න මගෙන් පටන්ගන්න කියන සංකල්පය විතරයි. ඒක වෙනස් කරන්න ඕන රටක් විදිහට විතරයි. අපිට හිතන්න ඕන රටේ ජයග්‍රහණ ගැනයි.

ඉලෝන් මස්ක් හිමිකාරීත්වය දරන ටෙස්ලා කාරයක පොඩි කොටසක් හදන්න පුළුවන් නම් අපිට රට යන්න ඕන නෑ. ඔවුන්ගේ සැටලයිට්වල පොඩි සහායක් දුන්නොත් රට යන්න ඕන නෑ. තරුණ පරපුර දැන් අලුත් විෂයන් ඉගෙනගන්නවා. මෙයින් පොඩි කොටසක් අපේ රටට ගේන්න පුළුවන් වුණොත් කියන අදහස නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔහුට ලංකාවට එන්න කිව්වේ පොඩි තැනක් ගන්න කියලා. එතකොට හැමදාම රටේ දේවල් කරන්න නොදුන්න කට්ටියක් කිව්වා, ‘මෙයා ආර්ථික ඝාතකයෙක් – ඔහුට ලංකාවට එන්න දෙන්න එපා’ කියලා. අපේ තරුණ තරුණියන්ට රටක් හැදෙන්න දෙන්නේ නෑ.

ඇල්ල වැල්ලවාය මාර්ගය, කොළඹ – මත්තල මාර්ගය, එන්සීසී ගිවිසුම්, උමා ඔයේ හිලක් කිව්වා. මෙහේ තාප බලාගාර කරද්දි උද්ඝෝෂණ කළා. හමබ්න්තොට ගලක් කිව්වා. අපේ රට ආර්ථික වශයෙන් වැට්ටුවේ මේ වගේ ආර්ථික ඝාතකයෝ. ඒ රැළිවලට අපේ තරුණයෝ අහු වුණා. ඉන්දියානු ව්‍යාප්තවාදය කියනකොට හැටදාහක් අපේ තරුණයෝ අහු වුණා. වැරදි මාවත්වල ගියා. ඔවුන් මැරුණා. අද ඉන්දියානු කුමන්ත්‍රණ නෑ, අද තියෙන්නේ මන්ත්‍රණ. නැති වුණේ තරුණ ජීවිත. දැන් උමා ඔය ගැන, තාප බලාගාර හදන්න බැරි වුණ එකට සොරි කියනවා. අපි අලුතෙන් තාප බලාගාර හදන්නම් කියනවා. හැබැයි නූතන ලෝකයේ තාප බලාගාරවලට ණය දෙන්නේ නෑ. දෙන්නේ සුළං බලාගාරවලට විතරයි. අප්ඩේට් නෑ….” යනුවෙන් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර, ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago